විදුලි ගාස්තු සියයට 40 කින් අඩු කරයි !

ලංකා විදුලි බල මණ්ඩලය ජුලි 1 දා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කොට ඇති විදුලි ගාස්තු සංශෝධනය මගින් ගෘහස්ත විදුලි ගාස්තුව සියයට 40 කින් පමණ අඩු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
විදුලි බල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ සංඛ්‍යා අනුව ඒකක 30 ට අඩු පාරිභෝගිකයින් සඳහා ගාස්තුව ඒකකයට රුපියල් 8 සිට 6 දක්වා අඩු කිරීමට යෝජනා කොට ඇති අතර එය සියයට 25 ක අඩු කිරීමකි. ඒකක 60 දක්වා ගාස්තුව රුපියල් 20 සිට රුපියල් 9 දක්වා සියයට 55 කින් අඩු කිරීමට යෝජනා කර ඇත.
ඒකක 90 දක්වා කාණ්ඩයේ ගාස්තු රුපියල් 30 සිට 18 දක්වා සියයට 40 කින් අඩු කිරීමට යෝජිත අතර 180 දක්වා කාණ්ඩයේ ගාස්තු රුපියල් 50 සිට 30 දක්වා සියයට 40 කින් අඩු කිරීමට යෝජනා කොට ඇත.
කර්මාන්ත ඇතුළු අනෙකුත් කාණ්ඩ සඳහා ද මෙබඳු ම ගාස්තු අඩු කිරීම් යෝජනා කරන බව ඇමති කංචන විජේසේකර මහතා පවසයි.
මීට වඩා ගාස්තු අඩු කළ හැකි යැයි මහජන උපයෝගිතා කොමිසම පෙන්වා දුන්නොත් ඒ අනුව තවත අඩු කිරීමට සුදානම් බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.