විදෙස් සංචාරකයන්ට ගුවන්තොටුපොළ හෝටල් අගෝස්තු 1 දා සිට ඇරේ !
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරීම අගෝස්තු 1දා සිදුකිරීමට රජය තීරණය කොට ඇති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි.සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල් සහ ආපන ශාලා විවෘත කිරීමට ද එදින සිට අවසර ලබාදෙන බව නිවේදනය කොට ඇත.
සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි නොකළ නවාතැන් පොළවල් හා ආපන ශාලා සඳහා අවසර ලබාදීම පසු අවස්ථාවක සිදු කරන බව කියති.
ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා සහ කොවිඩ් මර්ධනය කිරීමේ කාර්ය සාධක බලකාය අතර ඊයේ (26) පැවති සාකච්ඡාවේදී මෙම තීරණ වලට එළඹී තිබේ.
මෙරට ගුවන් තොටුපල මාර්තු 19 දා වසා දැමීමෙන් පසුව මෙරටට සංචාරකයන් පැමිණීම සම්පුර්ණයෙන් නතර වීය. ගුවන් තොටුපල විවෘත කළ ද සංචාරක ව්‍යාපාරය යතා තත්ත්වයට පත්වීමට තවත් කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.