දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික සේවකයෝ ආපසු යති
දකුණු කොරියාවේ සේවයේ යෙදී සිට කොවිඩ් 19 පැතිරීමත් සමග දිවයිනට පැමිණ සිටි ශ්‍රී ලාංකික සේවකයන් ආපසු යාමට පටන්ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මේ අතරින් 160 ක් වූ පළමු පිරිස මියන්මාර් ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ මත්තල ගුවන් තොටුපලින් පිටත්ව ගියේ ය. එබඳු තවත් ගුවන් ගමන් සංවිධානය කරමින් තිබෙන බව නිල ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මංගල රන්දෙනිය මහතා කියන්නේ ආපසු යාමට ඉදිරිපත්ව සිටින පිරිස් යැවීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.
කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට දකුණු කොරියාව සාර්ථකව කටයුතු කොට ඇති නිසා ශ්‍රී ලාංකික සේවක සේවිකාවන් මෙලෙස ආපසු යාමට සුදානමින් සිටින බව කියති.