මහා බැංකුවේ මුල්‍ය උපදේශක මණ්ඩලය වෙනස් කෙරේ

ශ්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්ති උපදේශක මණ්ඩලයට අලුතින් සාමාජිකයින් අට දෙනකු පත්කොට තිබේ.

එහි සභාපති ලෙස කටයුතු කළ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේය්රත්න මහතාගේ තනතුරේ වෙනසක් සිදුකොට නැත . ඒ මහතා තව දුරටත් මුල්‍ය ප්‍රතිපත්ති උපදේශක මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරනු ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර සම්බන්ධතා සහ ක්‍රමෝපාය අධ්‍යයනය සඳහා වූ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ ගෝලීය ආර්ථික වැඩ සටහනේ සභාපති ආචාර්ය  ගනේෂන් විග්නරාසා මහතා ද තවදුරටත් කමිටුවේ සේවය කරනු ඇත.

ආචාර්ය කෙනත් ද සිල්වා මහතා මේ වසරේ මුල සිට කමිටුවට පත් කොට තිබිණි .

ආචාර්ය රවී ලියනගේ ,ආචාර්ය ලෝරන්ස් පෙරේරා , අශ්රොෆ් ඕමාර් , ආචාර්ය ඉෂාන්ත සිරිබද්දන , ක්රිස්ටෝපර් ජොහුආ  සහ උදය ඉන්ද්‍රරතන යන අය කමිටුවට අලුතින් පත්කොට තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට, තීරණ ගැනීමේ දී ආර්ථිකයේ විවධ කොටස් නියෝජනය කරන අයගේ අදහස් ලබාගැනීම මෙම උපදේශක මණ්ඩලය මගින් සිදුකරන බව කියති.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *