ස්වභාවික වායු (LNG) ජාත්‍යන්තර පාවෙන වෙළෙඳ ගබඩාවක් හම්බන්තොට ඉදිවෙයි

ස්වභාවික වායු (LNG) පාවෙන වෙළෙඳ ගබඩාවක් හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදි කිරීමේ ගිවිසුමකට අත්සන් තැබූ බව ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනය කරයි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 97.2 ක වියදමින් මෙම ආයෝජනය කිරීමට ඉදිරිපත් වී ඇත්තේ පර්ල් එනර්ජි නම් සමාගමකි . එයට අවශ්‍ය ආයෝජනය සවුදි අරාබියේ ඕමාර් සිරාජ් නමැති ව්‍යාපාරිකයා විසින් සිදුකරනු ලබන බව පර්ල් එනර්ජි සමගම කියයි.

විශාල නැවු මගින් ගෙනැවිත් හම්බන්තොට ගබඩා කරන ස්වභාවික වායු, කුඩා නැවු මගින් මාල දිවයිනට හා කලාපයේ වෙනත් රටවලට බෙදා හැරීම හම්බන්තොට ගබඩාවෙන් සිදු කිරීමට නියමිත ය.

කල් යනවිට හම්බන්තොට මෙම කලාපයේ ස්වභාවික වායු බෙදාහරින කේන්ද්‍රස්ථානයක් කිරීම මෙමගින් ඇරඹෙනු ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *