සියලු සැලසුම් අවසන් කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දමන්නයි ජනපති නියෝග කරයි

සියලු සැලසුම් අවසන් කොට ජපානයෙන් සහන ණය ද අනුමත කොට තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වහාම නවතා දමන ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා නියෝග කොට ඇත. මේ බව සැප්තම්බර් 21 දාතම දරන ලිපියක් මගින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා නාගකික සංවර්ධන අමාත්‍යංශයට දැනුම් දී තිබේ.

මෙය වියදම් අධික ව්‍යාපෘතියක් ලෙස සලකා එය නවතා දැමු බව කියති.

කොළඹ මාර්ග තදබදය අවම කිරීම සඳහා සැහැල්ලු දුම්රිය මාර්ග ඉදිකිරීමට සැලසුම් සකස් කරන ලද්දේ කලකට පෙර මොරටු සරසවිය කළ  අධ්‍යයනයක ප්‍රතිඵල වශයෙනි.

කොළඹ, පානදුර, බත්තරමුල්ල ,රාගම , මීගමුව ප්‍රදේශ යා කරමින් සැහැල්ලු දුම්රිය මාර්ග පහක් ඉදිකිරීමට මෙම සැලසුම සකස් කොට තබිණි. එහි මුල් පියවර ලෙස බත්තරමුල්ල කොටුව මාර්ගය ඉදිකිරීමට සියලු සැලසුම් අවසන් කොට ටෙන්ඩර් කැඳවීමට සුදානම් කොට තිබිණි.

ඩොලර් කොටි 185 ක වියදමින් ඉදිකරන මේ සඳහා ජපානයේ ජයිකා ආයතනය මුල්‍ය ආධාර සැපයීමට එකඟ වී සිටියේ සියයට දශම  එකක සහන පොලියක් යටතේ වසර 40කින් ගෙවීම සඳහා ය. ණය ගෙවීම ඇරඹිය යුතු වුයේ වසර 12 ක සහන කාලයකින් පසුව ය.

කෙසේ වෙතත්, ජනාධිපතිගොටාභය රාජපක්ෂ මහතා නියෝග කොට ඇත්තේ ඒ සියලු සැලසුම් අත් හැර දමා වෙනත් විකල්ප ක්‍රමයක් සොයන ලෙස ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *