පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිකමට විපක්ෂයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම්කරන බව විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පර්ලිමෙන්තුවට ඊයේ දැනුම් දුන්නේ ය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙම තුනතුර විපක්ෂයට ලැබිය යුතු බව කිරිඇල්ල මහතා පෙන්වා දී තිබේ.
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව තවමත් පත්කොට නැත .