කොළඹ සැහැල්ලු දුම්රිය සේවා ඉදිකිරීම නවතා දමයි

කොළඹ මාර්ග තදබදය අවම කිරීම සඳහා ජපන් ආධාර යටතේ ඉදිකිරීමට සැලසුම් කොට තිබු සැහැල්ලු දුම්රිය සේවයේ ඉදිකිරීම් නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.
ඒ එය වියදම් අධික ව්‍යාපෘතියක් ලෙස සලකමිනි. එයින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන බව ද ආණ්ඩුව කියයි.
කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍යංශ ආරංචි මාර්ග කියන්නේ මෙය ප්‍රවාහන අංශයේ විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් සකස් කොට ඇති ප්‍රවාහන ප්‍රධාන සැලසුමේ ඇති ව්‍යාපෘතියක් බවයි.
ජපන් ආධාර යටතේ මෙය ඉදිකිරීමට සියලු සැලසුම් සකසා අවසන් කොට තිබිණි .