පෝට් සිටි , බී ඕ අයි, විදුලි සංදේශ කොමිසම ඇතුළු ආයතන 13ක් ජනාධිපති පවරාගනී

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය , විදුලිසංදේශ නියාමන කොමිසන් සභාව , තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය ඇතුළු ආයතන 13ක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පාලනය යටතට ගෙන ඇත .  ඒසඳහා වන ගැසට් නිවේදනය පසුගිය සතියේ නිකුත් කළ බව වාර්තා වෙයි.

අගෝස්තු මාසයේ අමාත්‍යාංශවලට අයිති ආයතන පිලිබඳ නිකුත් කළ ගැසට් නිවේදනය මගීන් මෙම ආයතන කිසිදු අමාත්‍යංශයකට පවරා නොතිබිණි.

ජනාධිපති කාර්යාලය යටතට අලුතින්  පවරා ගෙන ඇති ආයතන වන්නේ

  1. ශ්‍රී ලංකා විදුලි  සංදේශ නියාමන කොමිසන් සභාව සහ අනුබද්ද ආයතන
  2. තොරතුරු සහ සන්නිවේදන කොමිසන් සභාව සහ අනුබද්ද ආයතන
  3. ශ්‍රී ලංකා පරිගණක හදිසි අවස්ථා සුදානම් කණ්ඩායම
  4. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
  5. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය
  6. ශ්‍රී ලංකා ටෙලිකොම් , එහි උප සමාගම් සහ අනුබද්ද ආයතන
  7. තොරතුරු තාක්ෂණ උද්‍යාන සියල්ල
  8. ත්‍රිවිධ හමුදා සමාගිකයන්ට කොරෝනා වැළඳීම වලකා ගැනීමට සියලු ආරක්ෂක හමුදා ගතයුතු පියවර පිලිබඳ අධ්‍යයනය සහ උපදෙස් දීම සඳහා වූ ජනාධිපතිකාර්ය සාධන බලකාය
  9. ආරක්‍ෂිත රටක් , විනයගත ,ගුණවත් සහ නීති ගරුක සමාජයක් ගොඩනැගීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය
  10. කොවිඩ් 19 අමාත්‍යංශ කාර්ය සාධක බලකාය
  11. නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමය කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකාය
  12. ශ්‍රී ලංකා අධ්‍යාපන කටයුතු ජනාධිපති කාර්ය සාධක බලකාය
  13. ආර්ථික පුනර්ජීවන සහ දිළිඳුකම පිටුදැකීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය

ආදියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *