යුරෝපා සංගමයෙන් ඉවත්වුවත් බ්‍රතාන්‍යයේ GSP බදු සහනය දිගට ම

බ්‍රිතාන්‍යය මේ වසරේ අග සිට යුරෝපා සංගමෙයේ වෙළෙඳ බැදීම් වලින් ඉවත් වුව ද , ශ්‍රී ලංකාවට හා වෙනත් රටවලට යුරෝපා සංගමයෙන් ලබාදී තිබු GSP + බදු සහනය දිගට ම ලබාදෙන බව බ්‍රතාන්‍යයේ ජාත්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව
ප්‍රකාශ කොට ඇත .
යුරෝපා සංගමයෙන් වෙන්වීමෙන් පසුව බ්‍රිතාන්‍යය තමන්ගේ ම
වෙළෙඳ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගීමට කටයුතු යොදා ඇත .
ඒ අනුව UK -GSP ලෙස වෙළෙඳ සහන වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එසේ වුවද , දැනට යුරෝපා සංගමයෙන් විවිධ රටවලට ලබා දී ඇති සහන තවත් වසර තුනක් සඳහා
නොකඩවා ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍යය තීරණය කොට තිබේ.
මේ නිසා 2023 වසර අවසානය දක්වා ශ්‍රී ලංකාවට මෙම GSP සහනය දිගට ම ලැබෙනු ඇත. ඉන් පසුව අදාළ රටවල් සමග සාකච්ඡා කර එම සහන වැඩ සටහන් සමාලෝචනය කරන බව බ්‍රිතාන්‍ය රජය කියයි.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළෙඳපොළයි. එමෙන් අමෙරිකා එක්සත් ජනපදය හැරුණු විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළෙඳ පොළ ලෙස ද එය වැදගත් ය. එබැවින් මෙම බදු සහනය ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් වෙයි.