කළු සල්ලි සුදු කරන්න අයවැයෙන් ඉල්ලීමක් !

විශ්‍රාම යන වයස් සීමාව 60 දක්වා ඉහළට; කහ හා ඉගුරු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් – 2021 අයවැය යෝජනා

බදු ගෙවීම පැහර හරිමින් හෝ විදේශ විනිමය වංචා මගින් උපයාගෙන දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් සඟවා ඇති මුදල් ආණ්ඩුව මගින් නියම කරනු ලබන  

ආයෝජන සඳහා යොමු කළහොත් එම මුදල් උපයාගත් ආකාරය ප්‍රශ්න නොකිරීමට සහ ඔවුන්ට 

එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමට 2021 අයවැය ලේඛනය මගින් යෝජනා කොට ඇත.

එසේ සඟවා ඇති මුදල් මෙරටට ගෙනැවිත් ආයෝජනය කරන ලෙස ද ආණ්ඩුව ඉල්ලීමක් කරයි.

මෙය රටේ යහපත සඳහා ගන්න පියවරක් බව මුදල් ඇමති , අගමැති මහින්ද රාජපක්ෂ මහතා 2021 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට

 ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ ය.

පවත්වා ඉහළ ජීවිත අපේක්ෂා පාදක කරගෙන කාන්තා හා පිරිමි විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60ක් දක්වා දීර්ඝ  කිරීමට ද , ආණ්ඩුවේ 2021 අයවැය ලේඛනයෙන් යෝජනා කොට ඇත. මෙය රාජ්‍ය අංශයට මෙන් ම පෞද්ගලික අංශය සඳහා ද බල පවත්වනු ඇත.

ස්වයං රැකියා, ඇගළුම්, සංචාරක, වැවිලි ඇතුළු ක්ෂේත්‍ර රාශියක සේවකයන් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කිරීමට ද අයවැයෙන් යෝජනා කොට තිබේ.

මුදල් ඇමති , අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවල ඇතුලත් යෝජනා සමහරක් මෙසේ ය.

රාජ්‍ය සේවකයන්ගේ පත්වීම් හා ස්ථාන මාරුවීම් ලබාදීමේදී ඔවුන්ගේ ගම්බිම් ඇති ප්‍රදේශවලටම ලබාදීමට පියවර.

එක්වර භාවිතා කර ඉවතලන පොලිතින් හා ප්ලාස්ටික් නිෂ්පාදනය 2021 ජනවාරි පළමුවන දින සිට තහනම් කෙරේ.

මාණ්ඩලික නොවන ශ්‍රේණිවල රාජ්‍ය සේවකයන්ට රාජකාරී වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර

රාජ්‍ය සේවකයන්ගේ පත්වීම් හා ස්ථාන මාරුවීම් ලබාදීමේදී ඔවුන්ගේ ගම්බිම් ඇති ප්‍රදේශවලටම ලබාදීමට යෝජනා කරයි

රාජ්‍ය සේවකයින් සදහා බැංකු මගින් දෙන නිවාස දේපළ ණය සදහා උපරිම පොළිය 7.5%ක් දක්වා අඩු කිරීමට යෝජනා කරයි

2007 සමාගම් පනතට කාලීන වෙනස්කම් සිදුකර ජනවාරි මස එළිදැක්වීමට පියවර.

නීති කෂේත්‍රයේ කටයුතු කඩිනම් කිරීමට සහ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 20ක්.

පවතින ආයතන ශක්තිමත් කිරීමට ඒකාබද්ධ කටයුතු කිරීමේ හැකියාව සොයාබැලේ.

අඩු සහ මැදි ආදායම් ලාභීන් සදහා නව නිවාස 50,000ක් – නිවාස මිලදී ගැනීම සදහා සහන පොලියට ණය යෝජනා ක්‍රමයක් යෝජනා කරයි.

මුල්‍ය සමාගම් නියාමනයට ශක්තිමත් වන ආයතිනක ව්‍යුහයක් ගොඩනැගීමට අදහස් කෙරේ.

පවතින ආයතන ශක්තිමත් කිරීමට ඒකාබද්ධ කටයුතු කිරීමේ හැකියාව සොයාබැලීමට පියවර.

වාණිජ බැංකුවලට ආයෝජන බැංකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය කරන නෛතික පසුබිම ඇති කිරීම පියවර.

ඉදිකිරීම් කර්මාන්ත සදහා අවශ්‍ය යම් යම් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදය සරළ කිරීමට පියවර

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය ශ්‍රමිකයින් බිහිකිරීම සදහා වෘත්තීය අධ්‍යාපන ආයතනවල වැඩසටහන් දියත් කිරීමට පියවර

දුම්රිය මැදිරි නිෂ්පාදනය දේශීය කර්මානතයක් බවට පත් කිරීමට යෝජනා කෙරේ

මැණික් අපනයනයේදී වසර 03ක අපනයන බදු විරාමයක් ලබා දීමට පියවර.

වාහන අමතර කොටස් සඳහා ආනයන බදු අඩු කිරීමට යෝජනා කෙරේ.

ලක්විජය විදුලි බලාගාරයේ විදුලි උත්පාදන ධාරිතාව වැඩි කිරීමට පියවර.

කෙරවලපිටිය බලාගාරය ස්වාභාවික වායු බලාගාරයක් බවට පරිවර්තනය කිරීම යෝජනා  කෙරේ

මෙගාවොට් 600 ක ධාරිතාවයකින් යුත් තවත් විදුලි බලාගාර දෙකක් රට තුළ ඉදිකිරීමට නියමිතය

අඩු ආදායම්ලාභී නිවාස 100,000ක් සඳහා සුර්යකෝෂ පැනල ලබා දීමට යෝජනා කෙරේ.

රටේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව මෙගාවොට් 1000 දක්වා වැඩි කිරීමට පියවර

මැරීන් ඩ්‍රයිව් මාර්ගය මොරටුව දක්වා දීර්ඝ කිරීමට යෝජනා කෙරේ

2021 ජනවාරි මස සිට වතුකම්කරුවන් ගේ දෛනික වැටුප රු.1000ක් දක්වා වැඩි කෙරේ. එම මුදල් ගෙවිමට අපොහොසත් වන වතු සමාගම් සම්බන්ධයෙන් වූ බදු ගිවිසුම් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට නව නීති ගෙන ඒමට පියවර ගැනේ.

ධීවර සංස්ථාව ප්‍රතිසංවිධානය කිරීමට රුපියල් මිලියන 500ක්.

කහ හා ඉගුරු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කරයි.

අක්කර 6500ක කජුවගා කිරීමට පියවර.

ආනයනික කිරිපිටි වෙනුවට දේශීය දියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා කිරි ගවයින් රජය විසින් මෙහෙයවනු ලබන රිදීගම සහ බෝපත්තලාවා ගොවිපල සඳහා ආනයනය කිරීමට නියමිතය.

කිරි කර්මාන්තය සඳහා සිදු කෙරෙන ඇමරිකානු ඩොලර් මිලියන 25 කට වැඩි ආයෝජනයක් සඳහා සහන ලබා දීමට යෝජනා කෙරේ

ගොවීන් විසින් වගා කරන භෝග සඳහා මිලදී ගැනීමේ සහතික මිලක් නියම කෙරේ

කෘෂිකාර්මික කටයුතු සඳහා වගා කළ හැකි ඉඩම් භාවිතා කිරීමට යොමු කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරුන් බල ගැන්වීම සඳහා ගොවි සංවර්ධන පනත සංශෝධනය කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ විදේශගත ශ්‍රමිකයින් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කෙරේ

සංචාරක කර්මාන්තය සඳහා ලබාදී ඇති ණය පහසුකම් සඳහා වන නැවත අයකිරීම 2021 සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමට යෝජනා කෙරේ

දේශීය සමාගම් 2021 දෙසැම්බර් 31 ට පෙර කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කළහොත් 50% ක ආදායම් බදු නිදහස් කිරීමක් යෝජනා කෙරේ

සේවක සංඛ්‍යාව 50ට වැඩි පෞද්ගලික ආයතන වල සේවකයන් සඳහා රක්ෂණාවරණයක් හඳුන්වා දීමට යෝජනා කෙරේ

වෘත්තීය පුහුණු සිසුන් සඳහා මාසික ශිෂ්‍යාධාර රු. 4000ක් ලබා දිමටත් මේ සඳහා අතිරේකව රුපියල් මිලියන 3000 ක් වෙන් කිරීමට යෝජනා කෙරේ

පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට වසර 5ක බදු විරාමයක් ලබා දෙයි.

හෙද විදුහල උපාධි ලබා දෙන උසස් අධ්‍යාපන ආයතනයක් ලෙසට උසස් කිරීමට යෝජනා කෙරේ

දුරස්ථ අධ්‍යාපන ක්‍රමය නගා සිටුවීම සඳහා ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන් නැරඹීමට සිසුන්ට අවස්ථාව ලබා දීම සඳහා ග්‍රාමීය පාසල් සඳහා රූපවාහිනී යන්ත්‍ර ලබා දීම. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 3000 ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.

මාතෘ ළමා සායන, රසායනාගාර, රෝහල් සහ පර්යේෂණ ආයතන වැනි සෞඛ්‍යයට සම්බන්ධ ආයතන සඳහා අතිරේකව රුපියල් මිලියන 18,000 ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.

ගාල්ල, කුරුණෑගල, අනුරාධපුර, මහනුවර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල තාක්‍ෂණික උද්‍යාන 05 ක් ඉදි කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 10,000 ක් වෙන් කිරීමට නියමිතය

තාක්ෂණික සේවාවන් පුළුල් කිරීමට රුපියල් මිලියන 8000ක් වෙන් කිරීමට යෝජනා කරයි

ග්‍රාමීය සන්නිවේදනය වැඩිදියුණු කිරීම ටෙලිකොම් ගිණුම සඳහා රුපියල් මිලියන 15,000ක ආයෝජනයක් සිදුකිරීමට යෝජනා කෙරේ. බ්‍රෝඩ්බෑන්ඩ් සේවා ශක්තිමත් කිරීමට මෙම අරමුදල යොදා ගැනීම සිදුකෙරේ.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම, මෙරට මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා නාවික හමුදාව ශක්තිමත් කිරීමට පියවර. යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ පහසුකම් වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 20,000ක් වෙන් කිරීමට යෝජනා කෙරේ

සමෘද්ධි ජිවන ආධාර ගිණුම් ඇති කිරීමට යෝජනා කෙරේ. මේ මගින් සමෘද්ධි ලාභීන්ට ඉතුරු කිරීමේ හැකියාව ලැඛේ.

කෘෂි කර්මාන්ත සහ ධිවර කටයුතු ආදායම් බදු මුදලින් නිදහස් කෙරේ

රුපියල් මිලියන 25ට වැඩි ආදායමක් උපයන ආයතන සඳහා ඇති 8% වැට් බදු එසේම පවතිනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *