හම්බන්තොට පළමු ආයෝජන ගිවිසුමට අද අත්සන් තැබෙයි

හම්බන්තොට වරාය  ආශ්‍රිතව සංවර්ධනය කෙරෙන හම්බන්තොට ආයෝජන කලාපයේ පළමු විදේශ ආයෝජනය සඳහා වන ගිවිසුමට අද අත්සන් තැබෙන බව වාර්තා වෙයි.

මෙම ආයෝජනය සිදුවන්නේ සැහැල්ලු වාහන සහ ට්‍රක් රථ සඳහා රේඩියල් ටයර් නිපදවීම සඳහා වන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට ය. ඩොලර් මිලියන 300 ක වියදමින් මෙම කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනය චීන සමාගමක් වන සංග්ඩොන් හයිහුආ ටයර් සමගම විසින් සිදුකරනු ඇත.

මේ සඳහා වන ගිවිසුමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ සංග්ඩොන් සමගම අතර අද අත්සන් තැබෙන්නේ අන්තර් ජාල තාක්ෂනය ඔස්සේ ය. අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම අන්තර් ජාල අත්සන් තැබීම සිදුවෙයි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *