මහ බැංකුවේත් කොවිඩ් ; නිලධාරීහු, සේවකයෝ නිරෝධයනයේ ; වැඩ දිගට ම කරන්න විශේෂ වැඩ පිළිවෙලක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයකුට කොවිඩ් 19 ආසාධනය වී  ඇති බව තහවුරුවීමත් සමග බැංකුවේ ඉහළ  නිලධාරීන් ඇතුළු සේවක පිරිසක් නිරෝධායනයට යොමු කොට ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් , මහ බැංකුවේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට විශේෂ වැඩ පිළිවෙලක් යොදා ඇති බව මහා බැංකුව කියයි . ඒ අනුව මුර සේවා ක්‍රමයක් යටතේ සේවකයින් පිරිසක් සේවයේ යොදවා ඇති බවත් ,වැඩ කටයුතු පවත්වාගෙන යාමට විශේෂ කාර්ය බලකායක් පිහිටුවා ඇති බවත් කියති.

කෙසේ වෙතත් , සේවා ලබා ගැනීම සඳහා හැකි සෑම විට ම විද්‍යුත් තැපෑල හෝ දුරකථන යොදාගන්නා  ලෙස මහා බැංකුව ඉල්ලීමක් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *