කොවිඩ් විපතෙන් කුඩා ව්‍යාපාර ගොඩ ගන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 165ක්

කොවිඩ් 19 නිසා විපතට පත් කුඩා ව්‍යාපාරවලට ආධාර කිරීම සඳහා ඩොලර් මිලියන 165 ක මුදලක් රජයට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව ඉදිරිපත් වී සිටියි.
මෙම සහන ණය මුදල ලබාදීමේ ගිවිසුමට ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල සහ ආසියානු සනවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත චෙන් චෙන් මහත්වරුන් අත්සන් තැබීම මුදල් අමාත්‍යංශයේ දී සිදුවීය.
කොවිඩ් 19 නිසා දුෂ්කරතාවලට මුහුණ දී සිටින කුඩා ව්‍යාපාරවලට , කුඩා තේ වතු හිමියන්ට සහ ස්ත්රීන්ගේ මෙහෙයවීමෙන් යුතු ව්යවසයන්ට ආධාර කිරීම සඳහා මෙම මුදල ලබාදෙන බව ආසියානු සංවර්ධන බැංකුව කියයි.
කොවිඩ් 19 ආර්ථික පසුබැස්මෙන් ගොඩ යාමේ දී , කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යවසාය ඉතා වැදගත වන බවත් , කොවිඩ් 19 වසංගතයේ දී සහ ඉන් පසුවත් කුඩා ව්යවසයයන්ට ආධාර කිරීමේ රජයේ උත්සාහයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාරය ඉතා වැදගත් බවත් , භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.