මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය ‘තම්බපවනී’ අද ජාතික විදුලිබල පද්ධතියට එක්වෙයි

මන්නාරමේ ඉදිකර ඇති , මෙරට විශාලතම සුළං විදුලි බලාගාර සංකීර්ණය වන ‘තම්බපවනී’ විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කීරීම අද (08) සිදුවිය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම ‘තම්බපවනී’ සුළං විදුලි බලාගාරය විවෘත කෙරුණි.

විදුලි බල ඇමති ඩලස් අලහප්පෙරුම සහ විදුලිබල අමාත්‍යංශයේත් , ලංකා විදුලිබල මණ්ඩලයේත් නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පළමු පියවර ලෙසින් මෙගාවොට් 100ක සුළං විදුලි ධාරිතාවයක් එහිදී නිපදවේ.

පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 141කි.

මෙම ව්‍යාපෘතිය මගින් ජනනය කෙරෙන විදුලි ධාරිතාව සැලකිල්ලට ගැනීමේදී වසර 20 ක් තුළ ඩීසල් ලීටර් මිලියන දෙදහසක් ඉතිරි කරගත හැකි බව ද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා  පෙන්වා දුන්නේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *