ශ්‍රී ලංකාවට MCC ආධාරය නොදෙන්න අධ්යක්ෂ මණ්ඩලය තීරණය කරයි ; සියෙරා ලියොන්, ක්රිබටි සහ සොලොමන් අයිලන්ඩ් රාජ්ජ්යයන්ට ආධාර අනුමතයි

ශ්‍රී ලංකාවට අනුමත කොට තිබු ඩොලර් මිලියන 480 ක ආධාරය ලබා නොදීමට පසුගිය 15දා වොෂින්ටනයේදී රැස්වූ MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කොපොරේෂන් අධ්යක්ෂ මණ්ඩලය තීන්දු කර ඇත. එම මුදල් වෙනත් රටකට ලබාදීමට එහි දී තීන්දු කොට තිබේ .
මුදල් අනුමත කොට තිබුණ ද එය ලබාගැනීමට ශ්‍රී ලංකාව උනන්දුවක් නොදැක්වීම නිසා මෙම තීරණය ගත් බව MCC නිවේදනය කොට තිබේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙම MCC ප්රදානය පිළිබඳ ඉමහත් ආන්දෝලනයක් ඇති විය. එහිදී ගෝටාබය රාජපක්ෂ පාර්ශවයෙන් ප්‍රකාශ කර සිටියේ තමන් බලයට පත්වූ වහාම එම ගිවිසුම ඉරා දමන බවයි. එහෙත් බලයට පත් වී වසරක් ඉක්ම ගියත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව MCC ප්රදානය ලංකාවට අවශ්‍ය නැති බව එහි අධ්යක්ෂ මණ්ඩලයට දැනුම් දී නැත.ඒ වෙනුවට ශ්‍රී ලංකාව අනුගමනය කළේ කල් මරමින් සිටින ප්රතිපත්තියකි.
අවසානයේ MCC අධ්යක්ෂ මණ්ඩලය විසින් ම MCC වැඩසටහනින් ලංකාව ඉවත් කර ඇත.
ඒ අතර සියෙරා ලියොන්, ක්රිබටි සහ සොලොමන් අයිලන්ඩ් රාජ්ජ්යයන්ට MCC ආධාර ලබාදීමට ද එම අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේ දී තීරණය කොට තිබේ.
ශ්‍රී ලංකාවට මෙම ඩොලර් මිලියන 480 අනුමත කොට තිබුණේ ප්‍රධානයක් වශයෙනි. ඒ සඳහා තෝරාගෙන තිබුණේ ශ්‍රී ලාංකිකයන් විසින් සැලසුම් කොට තිබු වැඩ සටහන් කිහිපයකි. මැතිවරණයේ දී MCC ගිවිසුමට එරෙහි වුවන් ද පසුව කිවේ එහි සියයට 70 ක් හොඳ බවයි.
දැන් එම මුදල ශ්‍රී ලංකාවට අහිමි වී ඇති අතර එම මුදල් සියරා ලියොන් හෝ වෙනත් රටකට හෝ ලබාදෙනු ඇත.