කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට කඩිනම් පියවර

තිස් වසරකට වැඩි කලක් වසා දමා තිබු කන්තලේ සීනි කර්මාන්ත ශාලාව යලි ආරම්භ කිරීමේ පියවර මේ වන විට ක්‍රියාත්මක කොට ඇති බව වාර්තා වෙයි .

ඒ අනුව මෙම කර්මාන්තශාලාව සඳහා වන ඉඩම් , ගොඩනැගිලි සහ යන්ත්‍ර සුත්‍ර ආදිය නව සමාගමකට භාර දීම මේ වනවිට සිදුවෙමින් පවතියි.

මෙම කර්මාන්ත ශාලාව යලි ආරම්භ කරනු ලබන්නේ සීමාසහිත එම් එස් සුගර් ලංකා සමගම විසිනි. එහි ප්‍රධාන ආයෝජකයා මෞසි සලෙම් සහ මෙන්ඩෙල් සමාගම යි. රාජ්‍ය පෞද්ගලික හවුල් සමාගමක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

සමාගමේ භුමිය සැලසුම් කොට ජල සම්පාදන ක්‍රම ඉදිකිරීම ජනවාරි මාසයේ ආරම්භ කිරීමට නියමිත ය. ඒ අනුව උක් වගාව  සඳහා නවීන බින්දු ජල තාක්ෂණ පද්ධතියක් ඉදිකරනු ලබන බව කියති.

සමාගම් භුමියේ උක් වගා  කටයුතු ලබන වසරේ ආරම්භ කිරීමට නියමිතව ඇති අතර සීනි කර්මාන්ත ශාලාව ඉදිකොට විවෘත කිරීම 2023 වසරේ ජුලි මාසයේ සිදු කිරීමට ඉලක්ක කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *