මහා බැංකුවේ විවරණයට විකට පොත් අතර ඉහළ ම තැනක් !!!

ශ්‍රී ලංකා මහ බැංකුවේ විවරණයකට විකට පොත් අතර ඉහළ ම ස්ථානයක් ලබා දී ඇති ආකාරය පුරවැසි මාධ්‍යවේදියකුගේ ජංගම දුරකථන කැමරාවේ මෙසේ සටහන් වීය.
ඡායාරූපයේ දැක්වෙන්නේ දිවයිනේ ප්‍රකට පොත් ප්‍රකාශක සමාගමක් කොළඹ කොටුවේ පිහිටි විදේශිකයන් බහුලව යන එන පොත් සාප්පුවක තම ආයතනයේ විකිනීඒමට ඇති විකට පොත් ( COMIC BOOKS ) ප්‍රදර්ශනය කොට ඇති ආකාරය යි.
එහි ඉහළ ම තැනක් ලබා දී ඇත්තේ 2020 ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිලිබඳ ( SRI LANKA STATE OF THE ECONOMY 2020 ) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කොට ඇති විවරණයට යි.
මෙලෙස මම පොත විකිණීමට ඇත්තේ කොළඹ ගාලු මෝදර පිටිය ඉදිරිපිට සුප්‍රසිද්ධ ශන්ග්රිලා හෝටලයේ සම්බන්ධිත ව්‍යාපෘතියක් වන වන් ගෝල් ෆේස් ( ONE GALLE FACE ) සුපිරි සාප්පු සංකීර්ණයේ ඉහළ ම මාලයක ඇති දිවයිනේ සුප්‍රසිද්ධ පොත් ප්‍රකාශක සමාගමක පොත් සාප්පුවේ ය.
මෙම ස්ථානයෙන් පොත් මිල දී ගැනීමට විදේශිකයෝ සහ දේශීය ඉහළ මැද පන්තිකයෝ
විශාල වශයෙන් පැමිණෙති.