කොටස් වෙළෙඳ පොළේ රුපියල් මිලියන 965 ක විදේශ ආයෝජන එක සතියට ආපසු ගිහින්

කොළඹ කොටස් වෙළෙඳ පොළේ ආයෝජන අතරින් රුපියල් මිලියන 965 ක ශුද්ධ වටිනාකමකින් යුතු විදේශ ආයෝජන ජනවාරි මුල් සතියේ දී ඉවත් කරගෙන ඇති බව වාර්තා වෙයි.

එම සතිය තුළ විදේශීය විකිණීම් ප්‍රමාණය රුපියල් මිලියන 1,520 ක් ( බිලියන 1.52 ක් ) ලෙස සටහන් වී ඇති අතර මිල දෙඑඑ ගැනීම් ප්‍රමාණය සටහන් වී ඇත්තේ මිලියන 563.62 ක් වශයෙනි.

ඒ අනුව කොටස් වෙළෙඳ පොලෙන් ඉවත්ව ගොස් ඇති විදේශ ආයෝජන ප්‍රමාණය මිලියන 965 කි. එක් සතියක් තුළ සිදු වූ මෙම ඉවත යාම බරපතළ පසුබෑමක් බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

මෙම තත්ත්වය ඇතිවන්නේ රජය වැඩි වැඩියෙන් විදේශ ආයෝජන ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටිය දී ය.

රජයේ ඉලක්කය වී ඇත්තේ මෙම වසර තුළ ඩොලර් බිලියන 2.5 ක විදෙස් ආයෝජන  ලබා ගැනීම යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *