මහ බැංකුව රුපියල ගොඩගන්න ගිහින් ව්‍යාපාරිකයින් අමාරුවේ

දිගින් දිගට පහත වැටෙමින් තිබෙන ශ්‍රී ලංකා රුපියලේ හුවමාරු වටිනාකම රැක ගැනීමේ පියවරක් ලෙස  ඉදිරි වෙළෙඳ ගිවිසුම් සඳහා ඩොලර් නිකුත් නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලු වාණිජ බැංකු වලට නියෝග කිරීම නිසා අපනයන ආනයන වෙළෙදාමේ යෙදෙන ව්‍යාපාරිකයින් මෙන් ම කර්මාන්ත කරුවන් ද අපහසුතාවයට පත්ව ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

ඉදිරි වෙළෙඳ ගිවිසුම්වලට එලබීමට නොහැකි වීම නිසා ආනයන අපනයන ව්‍යාපාරිකයෝ අපහසුතාවයට පත්ව සිටිති.

එමෙන් ම , කර්මාන්ත කරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ යෙදවුම් ආනයනය කර ගැනීම ද අර්බුදයට ලක්ව ඇති බව කියති. ඉදිරි නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය සැපයුම් අඛණ්ඩව පවත්වාගැනීම ගැටළුවක් වී ඇත.

මසකට පෙර ඇමෙරිකානු ඩොලරයට රුපියල් 185 වශයෙන් පැවති රුපියලේ අගය 200 ඉක්මවා පහත වැටෙන තත්ත්වයක් මතුවීම නිසා මහ බැංකුව ඉහත කී නියෝගය බැංකු වෙත ලබා දී වෙළෙඳපොළට ඩොලර් නිකුත්වීම සීමා කළේ ය.

එම ක්‍රියා මාර්ගය මගින් ඩොලරය රුපියල් 195 මට්ටමේ රඳවා ගැනීමට හැකි වී ඇතත් ආර්ථිකයට එහි අහිතකර බලපෑම්වලට මුහුණදීමට සිදු වී ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *