ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ශ්‍රී ලංකාවට දෙන්න ඉන්දියාව එකඟ වී නෑ !

ඉන්දියානු තෙල් සමාගමට ( IOC ) ගිවිසුමකින් පවරා ඇති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දියාව කිසිදු එකඟත්වයක් පල කොට නැති බව ඉංදීය රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි.
බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් වරයා එයට එකඟ වූ බව යි, එසේ වුව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ පිලිබඳව කිසිවක් ප්‍රකාශ කොට නැත.
එමෙන් ම, එබඳු තීරණයක් ගැනීමට මහ කොමසාරිස් වරයට හැකියාවක් නැති ද එය ඉන්දියානු IOC සමගම සහ ඉන්දියානු රජය තීරණය කළ යුතු කරුණක් බව ද දේශපාලන නිරීක්ෂකයෝ කියති.
කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය ලබා නොදීම , උතුරේ දුපත් තුනක් චීනයට ලබාදීම ආදිය පිළිබඳව උරණ වෙඑඑ සිටින ඉන්දියාව මෙම අවස්ථාවේ මෙබඳු ක්‍රියාවකට එකඟ වනු ඇති විශ්වාස කිරීමට පවා හැකියාවක් නැති බව එම නිරීක්ෂකයෝ වැඩි දුරටත් පෙන්වා දෙති.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර ද මේ වනවිට පුරප්පාඩු වී පවතියි. ඒ එම තනතුරට ශ්‍රී ලංකාවෙන් පත් කළ මිලින්ද මොරගොඩ මහතා පිළිගැනීමට ඉන්දියාව අකමැති වීම හේතුවෙනි.