දිළිඳුකම පිටු දැකිය හැක්කේ ව්‍යාපාර සහ ලාභ වර්ධනය කිරීමෙන් පමණයි – පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්

තමන් දේශපාලනයට පැමිණීමේ එක ම අරමුණ දිළිඳු බව තුරන් කිරීම බවත් , ඒ සඳහා සුබසාධන රාජ්‍යයක් අවශ්‍ය බව තමා කල්පනා කළ බවත්, දිළිඳු බව තුරන් කළ හැක්කේ ව්‍යාපාර සහ ලාභාදයකත්වය වර්ධනය කරමින් ධනය නිපදවා එම ධනය දිළිඳු බව තුරන් කිරීමට යොදා ගැනීමෙන් බවත්, පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා කොළඹ දී ප්‍රකාශ කළේ ය.
තමා බලයට පත්වීමට පෙර දශක ගණනාවක් පකිස්ථානයේ පැවතියේ ව්‍යාපාරවලට සහ ලාභයට එරෙහි මතවාදයක් බවත්, නිලධාරී තන්ත්‍රය ක්‍රියා කළේ ව්‍යාපාර සහ ලාභවලට සතුරු ආකල්පයකින් බවත්, තමන් එම ආකල්පය වෙනස් කළ බවත් , පකිස්ථාන අගමැතිවරයා පැවසීය .
චීනය තම රටේ දරිද්‍රතාවය විශාල ලෙස අඩු කළේ ව්‍යාපාර සහ ලාභ වර්ධනය කරමින් ධනය නිෂ්පාදනය කිරීමෙන් බව කී ඉම්රාන් ඛාන් අගමැතිවරයා වසර තිහක දී කෝටි හත්සියයක ජනතාවක් දිලිඳු බවින් මුදාගත් වෙනත් රටක් ඉතිහාසයේ නැති බව ද පෙන්වා දුන්නේ ය.
පකිස්ථාන අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර සංවිධානය කොට තිබු ව්‍යාපාරික සමුළුව අමතා ඒ මහතා මේ අදහස් පල කළේ ය.
කලාපයේ ගැටුම් විසදා ගැනීම සඳහා වෙළෙඳාම සංවර්ධනය කළ යුතු බවත් , ගැටුම්වලට විසඳුම් ඇත්තේ සාකච්ඡා මගින් පමණක් බවත් පකිස්ථාන අගමැතිවරයා කීවේ කාශ්මීර ප්‍රශ්නයට ද එක ම විසඳුම සාකච්ඡා මාර්ගය ම බව අවධාරණය කරමිනි.
“ගැටුම් මගින් ප්‍රශ්න විසඳිය නොහැකි යි . එයින් එක ප්‍රශනයක් විසඳන විට ප්‍රශ්න පහක් ඇති වෙයි. ඇමෙරිකාව ඉරානයට ගියේ අල් කයිඩා ප්‍රශ්නය විසඳා ගැනීමට විය හැකියි. එයින් සිදුවුනේ අයි එස් අයි එස් ප්‍රශ්නයක් අලුතින් නිර්මාණය වීම යි.” පකිස්ථාන අගමැතිවරයා පැහැදිලි කළේ ය.