කොළඹ බටහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න කැබිනට් අනුමැතිය ; 85% ක් අදානිට !

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගම සමග හවුල් ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව වසර 35 කින් යලි ශ්‍රී ලංකාවට අයිතිය හිමිවන ව්‍යාපෘතියක් ලෙස මෙය සංවර්ධනය කිරීමට යෝජිත ය.

අදානී සමාගමේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ ජෝන් කීල්ස් සමාගම යි.

මෙම ව්‍යාපෘතියට ආයෝජකයකු නම් කරන ලෙස ශ්‍රී ලංකාව ජපාන රජයෙන් ද ඉල්ලීමක් කොට තිබිණි. ජපානය එයට ප්‍රතිචාර දක්වා නැති බව කියති.

ඒ අනුව මෙය දැන් සංවර්ධනය වනු ඇත්තේ ඉන්දු ලංකා ව්‍යාපෘතියක් වශයෙනි.

මෙම ගිවිසුම සකසා  තිබුනේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 15 ක් සහ ඉන්දියාවේ සහ ජපානයේ ආයෝජකයන්ට සියයට 85 ක් හිමිවන ආකාරයෙනි. ජපන් ආයෝජකයකු ඉදිරිපත් නොවන්නේ නම් සියයට 85 ක අයිතිය ඉන්දියාවේ අදානි සමාගමට හිමිවනු ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *