ස්වභාවික වායු ( LNG) පළමු බලාගාරය කෙරවලපිටියේ ඉදිවෙයි

මෙරට  ඉදි වන ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික  වායු (LNG) විදුලි බලාගාරය සඳහා මුල්ගල තැබීම අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් පෙරේදා  (05) සිදුකරනු ලැබී ය .

කෙරවලපිටියේ මෙම විදුලි බලාගාරය ඉදි කරනු ලබන්නේ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනය විසිනි. ඒකාබද්ධ චක්‍ර බලාගාරයක් ලෙස මෙය ඉදි කිරීමට සැලසුම් කොට ඇත.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 350ක් එක්ව මේ විදුලි බලාගාරයේ පළමු අදියරේ කටයුතු මාස 21ක් තුළ නිමා කිරීමට නියමිතව තිබෙන අතර එම අදියරේදී මෙගාවොට් 220ක් ද තවත් මාස 12ක් තුළ අවසන් වන මේ ව්‍යාපෘතියේ දෙවැනි අදියරේදී මෙගාවොට් 130ක් ද ජාතික විදුලිබල පද්ධතියට එක්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *