ජිනීවා යෝජනා සම්මත වුවහොත් බලපෑම අපනයන වෙළෙඳපොළටයි – ආචාර්ය නිමල් සඳරත්න

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කොට ඇති යෝජනාව සම්මත වුවහොත් ශ්‍රී ලංකාවට බලපෑම සිදුවිය හැක්කේ අපනයන වෙළෙඳපොළේ දී බව ප්‍රකට ආර්ථික විද්‍යාඥ ආචාර්ය නිමල් සදරත්න මහතා කියයි. මෙම යෝජනාවේ ප්‍රතිපාදන ක්‍රියාවට නැගීම සඳහා එක් එක් රටවල් වෙන වෙනම ක්‍රියාත්මක විය හැකි බවත් , ඇමෙරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය , යුරෝපා සංගමය සහ ජර්මනිය එයට පෙරමුණ ගත හැකි බවත් ආචාර්ය නිමල් සඳරත්න මහතා පවසයි.
මෙය ශ්‍රී ලංකාවට විශේෂයෙන් බලපාන්නේ අප රටේ අපනයන වෙළෙඳපොළ ප්‍රධාන වශයෙන් ඇත්තේ මෙම රටවල නිසා ය.
එමෙන් ම , ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ණය අර්බුදයෙන් ගොඩ යා හැක්කේ අපනයන සංවර්ධනයෙන් පමණක් බව ද ඒ මහතා පෙන්වා දෙයි.
ආචාර්ය නිමල් සදරත්න මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට සතිපතා ලියන ලිපියෙන් මෙම කරුණු පෙන්වා දී තිබේ.