2020 සියයට 3.6 ක අර්ථික පසු බැස්මක්

2020 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගය 2019 වසරේ වාර්තා වූ සියයට 2.3ක වර්ධනය හා සසඳන විට සියයට 3.6ක සංකෝචනයක් පෙන්නුම් කරන බව 2020 වසර සඳහා වන ජාතික ගිණුම් ප්‍රකාශයට පත් කරමින් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
2020 වසරේ තුන්වැනි කාර්තුවේදී සියයට 1.3ක ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරන බව ද සංඛ්‍යා ලෝඛන දෙපාර්තමේන්තුව කියයි.
ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 9,883,350ක් ලෙස 2019 වසරේ වාර්තා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය 2020 වසරේදී රුපියල් මිලියන 9,530,606ක් ලෙස පහත වැටී ඇති බව පෙන්වා දෙන ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවත්නා මිල ගණන් යටතේ 2019 වසරේ රුපියල් මිලියන 15,012,953ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදනය 2020 වසරේදී රුපියල් මිලියන 14,972,995 දක්වා පහත වැටී ඇති බවත් එය 2019 වසර හා සැසඳීමේදී සියයට සෘණ 0.3ක වෙනසක් බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ආර්ථිකයේ ප්‍රධාන සංරචක හතර වන කෘෂිකර්මය, කර්මාන්ත, සේවා අංශ පවත්නා මිල යටතේ 2020 වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදනයට දැක් වූ දායකත්වය පිළිවෙළින් සියයට 8.4ක්, සියයට 26.2ක්,සියයට 59.7ක් සහ සියයට 5.7ක් බව ද සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කොට ඇත.
2020 වසරේදී කෘෂිකාර්මික,කර්මාන්ත සහ සේවා යන අංශ තුනම පෙර වසරට සාපෙක්ෂව පිළිවෙළින් සියයට 2.4ක් සියයට 6.9ක් සහ සියයට 1.5ක සෘණ වර්ධන වේගයක් වර්තා කරයි.