චීනයෙන් ඩොලර් බිලියන 1.5ක් ණය ගන්න වසරතුනක ගිවිසුමකට අත්සන් තැබෙයි

චීන මහජන බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව ද්වි පාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට අත්සන් තැබූ බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කරයි.

එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම වශයෙන් චීන යුවාන් බිලියන 10 ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක පමණ මුදල් හුවමාරු පහසුකමකට හිමිකම් ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

එම ගිවිසුම වසර තුනක කාල සීමාවක් සඳහා වලංගු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *