රුපියලේ වැටීම නවතන්න බැරි වෙයි. ඩොලරය රුපියල් 202 ත් පනී

ශ්‍රී ලංකා රුපියල අව ප්‍රමාණ වීම තවදුරටත් සිදුවෙමින් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේ රුපියල් 202 ඉක්මවා ඉහළ ගියේ ය.

ශ්‍රී ලංකා මහා බැංකුව අද නිකුත් කළ සංඛ්‍යා ලේඛන අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වුයේ රුපියල් 202.04 ක් වශයෙනි.

වාණිජ බැංකු ඩොලරයක් රුපියල් 204 , 205 වැනි මිල ගණන්වලට අලෙවි කළ බව වෙළෙඳපොල ආරංචි මාර්ග කියයි.

අද සටහන් වුයේ ඉතිහාසයේ රුපියල සඳහා වූ අවම අගය යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *