ණය උගුලෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාවට ආධාර කරන්න සුදානම් – ඇමෙරිකානු තානාපතිනි අලෙයිනා ටිප්ලිස්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ණය ගෙවීමේ ප්‍රශ්නයේ දී එම ණය ගෙවීම සඳහාත් , රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමටත්, ආධාර ලබාදීමට ඇමෙරිකානු රජය සුදානම් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි අලෙයිනා ටිප්ලිස් මහත්මිය ප්‍රකාශ කරයි.

“ ණය කළමනාකරණය කර ගැනීමටත්, අනාගතය සඳහා වඩාත්, තිරසාර සංවර්ධනයක් සඳහාත් ආධාර කිරීමට අපි සුදානම් “ යි ඇය ප්‍රකාශ කොට ඇත . “රටේ ආර්ථිකය වඩාත් ස්ථාවර වනවා දකින්න අපි කැමතියි . එයට ආධාර කරන්න සුදානම් බව අපි දැනටමත් දැනුම් දී තිබෙනවා “ ඇය වැඩිදුරටත් කීය

ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළෙඳ පොළ යි. ශ්‍රී ලංකාවට එම වෙළෙඳ පොළ සංවර්ධනයට ඉඩ ලැබුණේ රොනල්ඩ් රේගන් ජනාධිපතිතුමා  ආරම්භ කොට බිල් ක්ලින්ටන් ජනාධිපතිතුමා  විසින් දිගට ම පවත්වා ගෙන ගිය වෙළෙඳ පොළ නිදහස් කිරීමේ ප්‍රතිපත්තිය නිසායි. ජී එස් පී වැනි බදු සහන දෙමින් අපි දිගට ම උපකාර කොට තිබෙනවා යි ඇමෙරික තානාපතිවරිය ප්‍රකාශ කළේ අන්තර්ජාලය මගින් පවත් වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකාව චීන ණය උගුලක පැටලී සිටින බව දැන් ලොව පුරා ප්‍රචලිත කතාවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *