රුවන්පුර අධිවේගයේ වැඩ ඇරඹෙයි

මෙරට යෝජිත අධිවේගී මාර්ග පද්ධතියේ හත්වැන්න ලෙස සැලකෙන රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ ආරම්භ කරනු ලැබීය.

මෙම අධිවේගී මගේ පළමු පියවර ලෙස සැලකෙන කහතුඩුව සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩ කටයුතු ආරම්භ කරමින් සමරු පාලකය  විවෘත කිරීම  අගමැතිවරයා අතින් අරලියගහ මැදුරේ සිට සිදුකරන ලද්දේ අන්තර් ජාල තාක්ෂණය උපයෝගී කර ගනිමිනි.

කහතුඩුව සිට ඉංගිරිය, රත්නපුර, හරහා පැලමඩුල්ල දක්වා දිවෙන රුවන්පුර අධිවේගී මගේ සම්පුර්ණ දිග කිලෝ මීටර් 72 කි. එහි  කිලෝ මීටර් 26 ක් වන මුල් කොටසේ වැඩ කටයුතු පළමු පියවරේ දී අවසන් කිරීමට නියමිත ය. එම මුල් පියවර නිම කිරීමට නියමිතව ඇත්තේ 2024 වසරේ දී ය.   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *