බංගලිදේශයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක ණයක්

බංගලිදේශය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් ණය මුදලක් ලබා දීමට කටයුතු කොට ඇත.

රට මුහුණ දී සිටින විදේශ විනිමය අපහසුත නිසා ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුව මෙම ණය මුදල ලබා දී තිබේ.

මීට පෙර චීනය, දකුණු කොරියාව, ඉන්දියාව සහ අමෙරිකාවෙන් ද මෙබඳු ණය ලබාගෙන ඇත.

අමෙරිකාවෙන් සහ ඉන්දියාවෙන් තවත් ණය මුදල් රජය ඉල්ලා ඇති අතර තවමත් ඒවා ලැබී නැති බව කියති.

මෙලෙස විවිධ රටවලින් මහ බැංකුව ලබා ගැනීමට අපේක්ෂා කරන සම්පුර්ණ මුදල ඩොලර් බිලියන 4,5 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *