කොළඹ වරාය බටහිර ජැටියේ ගිවිසුමට අත්සන් ; අදානිට 51%, ජෝන් කීල්ස්ට 35%, වරය අධිකාරියට 15%

කොළඹ දකුණු වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධනයේ සියයට 51 කොටස් ඉන්දියාවේ අදානි සමාගමට හිමිවන ලෙස අවබෝධතා ගිවිසුමකට රජය අත්සන් තබා ඇති බව වාර්තා වෙයි. එම ගිවිසුම අනුව ජැටිය සංවර්ධනයෙන් සියයට 35 කොටස් ජෝන් කීල්ස් සමාගමට හිමිවන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 15 ක් කොටස් හිමිවනු ඇත.
මෙහි දී ජෝන් කීල්ස් සමගම ක්‍රියා කරන්නේ අදානි සමාගමේ දේශීය නියෝජිතයා වශයෙනි.
මෙම කොටස් හිමිකම සහ වරාය සංවර්ධනයට අවශ්‍ය ප්‍රාග්ධන අවශ්‍යතා ඇතුළු අනෙක් කරුණු සම්බන්ධ අවබෝධතා ගිවිසුමට මැයි 3 දා කොළඹ දී අත්සන් තබා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මෙම පර්යන්තයේ සියයට 51 ක අයිතිය වසර 35 ක් සඳහා අදානි සමාගමට හිමිවෙයි.
ගිවිසුම අනුව එක් එක් පාර්ශවයේ මුලික වගකීම් ඉටු කිරීමට මාස තුනක කාලයක් ලබා දී ඇත. ඒ අනුව , බටහිර ජැටියේ ඉදිරි සංවර්ධන කටයුතු අගෝස්තු මාසයේ ඇරඹීමට නියමිත ය.
ඒ අනුව, කොළඹ දකුණු වරායේ බටහිර ඉදිකිරීමට නියමිත ජැටියේ දිග මීටර් 1400 කි . වරායේ ගැඹුර මීටර් 20 කි. ඉදිකළ විට මෙය මෙරට ඇති වැඩිම ගැඹුරක් සහිත පර්යන්තය වනු ඇති අතර සියලු ම විශාල නැව් සඳහා පහසුකම් සැපයීමට එයට හැකිවනු ඇත.
මෙහි ඉදිකිරීම් සියල්ල අලුතින් ම කිරීමට සිදුවනු ඇත. ඒ සඳහා ප්රාග්ධනය සැපයෙන්නේ ඉන්දියාවේ අදානි සමාගමෙනි.