නියමිත පරිදි ණය ගෙවීම් කළා – මුදල් රජය ඇමති අජිත් නිවාඩ් කබ්රාල්

අද (27) දිනයේ දී කල්පිරීමට නියමිතව තිබු ඇමෙරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (ISB) සඳහා ගෙවීම සිදුකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.
මෙම ගෙවීමත් සමඟ 2021 සඳහා රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවා අවසන් වන බවත්, වර්ෂයේ ඉතිරි කාලය තුළ රට තුළ සංචිත නැවත ගොඩ නැගීමට ඉඩ සැලසෙනු ඇති බවත්, රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
මෙම ගෙවීමත් සමග රජයේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන තුනකට වැඩ අඩු මට්ටමකට වැටෙන බව කියති.