ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ගොඩ නැගෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත ඉදිරි මාස තුන ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වීමට නියමිත බව මුදල් අමාත්යංශය කියයි.

එම ඩොලර් සංචිත ලැබීමට නියමිතව ඇත්තේ මෙසේය.

  1. ඉන්දීය SWAP පහසුකම: ඇ.ඩො.මි 400
  2. බංගලාදේශ්‍ SWAP පහසුකම: ඇ.ඩො.මි 250
  3. චීන සංවර්ධන බැංකුවෙන් ලැබෙන ණය: ඇ.ඩො.මි 300
  4. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබීමට විශේෂ අයිතිවාසිකම් ප්‍රධානය: ඇ.ඩො.මි 800
  5. විදේශ විනිමය වෙළෙඳපොළෙන් මහ බැංකුව මගින් නියමිත මිලදී ගැනීම්: ඇ.ඩො.මි 200
  6. දේශීය බැංකු සතු ස්වෛරීත්ව බැඳුම්කර (ISB) වලින් ලැබෙන මුදල්: ඇ.ඩො.මි 300
  7. ඌන උපයෝජිත වත්කම් උපයෝගීකර ගැනීමෙන් ලබාගැනීමට අපේක්ෂිත ගලා ඒම්: ඇ.ඩො.මි 400

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවන්ට අනුව 2021 අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු සම්පූර්ණ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 16.28 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර එයින් ඩොලර් බිලියන 6.57 ක් විදෙස් ණය ලෙසින් වාර්තා වී තිබුණි.

2021 ජූනි මාසය අවසන් වනවිට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 4 ක් ලෙසින් වාර්තා වන අතර එහිදී විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 3.57 ක් ලෙසින් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *