දිළිඳු රටවලට කොරෝනා සහනයක් දෙන්නයි ලෝක බැංකුව, මුල්‍ය අරමුදල කියයි

කොවිඩ් 19 වසංගතයට ගොදුරු වී පීඩා විඳින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 76 කට ණය ගෙවීම සඳහා සහන ලබාදෙන ලෙස ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණයදෙන රටවලින් සහ  ආයතනවලින් ඉල්ලීමක් කර ඇත.

මෙම රටවල් ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහන ණය ලබාගැනීමේ හිමිකම ඇති රටවල් ලෙස නම්කර ඇත. ලෝක ජනගහනයෙන් අඩක් ජීවත්වන්නේ මෙම රටවල ය.

මෙම රටවලට දී ඇති ණය අයකර ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවන්නයි ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඒකාබද්ධ නිවෙදනයක්නිකුත් කරමින් ණය දෙන සියලු රටවලින් හා ආයතනවලින් ඉල්ලීමක් කොට ඇත.

මෙ මගින් කොරෝන වෛරසයට මුහුණදීමට ක්ෂණික සහනයක් සැලසෙන බවත්, අර්බුදයේ තරම ගණන් බලාගැනීමට කල් ලැබෙන බවත් ලෝක බැංකුව හා මුල්‍ය අරමුදල කියයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *