හම්බන්තොටට බස්-වෑන් එකලස් කිරීමේ කම්හලක්

බස් රථ සහ වෑන් රථ දේශීයව එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් හම්බන්තොට කාර්මික උද්‍යානයේ ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට චීනයේ ෂියාමන් කිං ලොන්ග් සමාගම සහ හම්බන්තොට අන්තර්ජාතික වරාය සමූහය පසුගිය සතියේ එළැඹිණි.

බස් රථ සහ වෑන් රථ නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛයකු වන ෂියාමන් කිං ලොන්ග් සමාගම 1988 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර, රටවල් 140කට අධික සංඛ්‍යාවකට සිය නිෂ්පාදන අලෙවි කරයි.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාගේ මැදිහත්වීම මත මේ ආයෝජනය මෙරටට හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *