මූඩීස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් යළි පහළ දමයි

පසුගිය කාලයේ දිගින් දිගට පහත දැමුණු ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තව දුරටත් පහත දැමීමට ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් ආයතනය කටයුතු කොට ඇත. ඒ අනුව  ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම Caa1 සිට Caa2 මට්ටම දක්වා පහළ දමා තිබේ. 

2021 ජුලි 19 වනදා සිට ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය පිළිබඳව කළ සමාලෝචනයකින් අනතුරුව ඔවුන් මෙම පහළ දැමීම සිදුකර තිබෙන බව වාර්තා වෙයි. 

මෙලෙස ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තව දුරටත් පහත දැමීමට හේතු වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ඉතාම අඩු අගයක් දක්වා පහළ වැටීම, ඉදිරි ණය පියවීම් සඳහා සුරක්ෂිත මූල්‍යකරණ ප්‍රවාහයක් නොමැති වීම, රටේ බාහිර ද්‍රවශීලතා අවදානම ඉහළ මට්ටමක පැවතීම, ස්වෛරීත්ව බැඳුම්කර Swap පහසුකම් සහ ද්විපාර්ශ්වික ණය වැනි කොටස් වශයෙන් ලැබෙන අරමුදල් මත දිගට ම රඳා පැවතීම යනාදිය යි. 

මෙරට රටේ ණය ශ්‍රේණිය පහත වැටීම නිසා ශ්‍රීලංකාවේ ජාත්‍යන්තර ණය ගැනීමේ හැකියාව තව දුරටත් හෙඑඑන වනු ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *