18 දා ණය නොගෙවිය යුතුයි, ගෙව්වොත් අපි තවත් ආමරුවේ – ආචාර්ය නිශාන් ද මේල්

මෙම ජනවාරි 18 වැනිදාට කල් පිරෙන ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර බැඳුම්කරය නොගෙවිය යුතු බවත් එය ගෙව්වොත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තවත් පහත වැටී රට තවත් අමාරුවේ වැටෙනු ඇති බවත්, වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මේල් මහතා ප්‍රකාශ කරයි.

අප ණය ගෙවා තිබිය දී ශ්‍රේණිය පහත දමන්නේ ඇයි ? කියා කෙනෙකුට ප්‍රශ්න කළ හැකි වුව ද , ශ්‍රේණිගත කිරීමේ ආයතන බලන්නේ අතීතයේ කළ දේ නොව අනාගත හැකියාව බවත් කී මේල් මහතා වැඩි දුරටත් කීවේ අප කළ යුතු වන්නේ ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කර ගනිමින් අනාගතය සඳහා සංචිත ගොඩනගාගැනීම බවයි.

මෙම යන ක්‍රමයට නම් තව මාස හයක් ගතවන විට අපගේ සංචිත බින්දුවට වැටෙන බව ඒ මහතාගේ නිගමනය වී ය.

2020 වසරේ මුල දී හොන්ඩුයුරාස් රාජ්‍යයටත් පසුව ආජෙන්ටිනාවටත් මෙබඳු අර්බුදවලට මුහුණ දීමට සිදුවූ බවත් එම රටවල් කළේ ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීම බවත් පෙන්වා දුන් ආචාර්ය ද මේල් මහතා අපට ද ගත හැකි මග එය බව පෙන්වා දුන්නේය.

අන්තර්ජාලයේ SLVLOG අඩවිය සමග සාකච්ඡාවකට එක වෙමින් ඒ මහතා මෙලෙස අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *