විදුලි බල මණ්ඩලයේ වැඩ වගකීම් විරහිතයි – මුදල් අමාත්‍යංශයෙන් විදුලිබල අමාත්‍යාශයට දරුණු ප්‍රහාරයක්

පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීම සහ ලංකා විදුලිබල මණ්ඩලයේ අයහපත් මුල්‍ය කළමනාකරණය පිලිබඳ දැඩි ලෙස විවේචනය කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා විදුලිබල අමාත්‍යංශ ලේකම්වරයා වෙත දෝෂාරෝපණ ලිපියක් යොමු කොට තිබේ.
මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර් ආටිගල මහතා විසින් විදුලිබල අමාත්‍යංශ ලේකම් වසන්ත පෙරේරා වෙත යොමු කොට ඇති ලිපිය මගින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දුර්වල ප්‍රගතිය මෙන් ම ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකරණය ද දැඩි විවේචනයට ලක් කොට තිබේ.
2030 වනවිට විදුලියෙන් සියයට 70 ක් පුනර්ජනනීය ප්‍රභව මගින් ලබා ගැනීම රජයේ ප්‍රතිපත්තිය වුව ද පසුගිය මාස 24 ක් කාලය තුළ පද්ධතියට එකතු කොට ඇත්තේ මෙගාවොට් 15 ක් පමණක් බව එම ලිපියෙන් පෙන්වා දී තිබේ.
එමෙන් ම ඉදිරි සැලසුම් පිළිබඳව ද පැහැදිලි සහ ඉලක්කගත සැලසුම් කිසිවක් ලංවිමය ඉදිරිපත් කොට නැත.
නිවාස වහල මත සුර්ය බල කෝෂ සවිකිරීමේ වැඩ සටහන ද විදුලි බල මණ්ඩලය විසින් අධෛර්යමත් කොට ඇති බවට ද මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ ලිපියෙන් චෝදනා කොට ඇත.
මණ්ඩලය රුපියල් බිලියන 150 ක් පමණ විවිධ ආයතනවලට ණය වී ඇති නමුත්, විදුලි ගාස්තු වැඩි කිරීමට ඉල්ලා සිටිනු හැර මුදල් කලමනාජ්කරණය සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ද එම ලිපියේ සඳහන් ය.
මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කියන්නේ “ලංවිම මුල්‍ය වාර්තා පෙන්නුම් කරන්නේ මුල්‍ය විනයක් නොමැති බවයි” යනුවෙනි.