Category: ආර්ථික විග්‍රහ

මහ බැංකු පොලී අනුපාතයෙන් ආර්ථිකය මහ පාරට? – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි

බැංකු පොලිය ගැන ඇත්ත නැත්ත

මෙම කෙටි ලිපියේ අරමුණ වන්නේ දැනට මහ බැංකුව විසින් අනුගමනය කරනු ලබන අධික පොලී අනුපාත ප්‍රතිපත්තිය ආර්ථිකයේ උද්ධමනය පහළ දැමීම සඳහා ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? යන්න මහ බැංකුව විසින් පිළි ගැනෙන මූල්‍ය ආර්ථික විද්‍යා සංකල්පය පැහැදිලි කිරීම යි. 

මේ දිනවල  පැතිරෙන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල දැකිය හැකි සටන් පාඨයක් වනුයේ රටේ දැනට පවතින අධික ණය පොලී අනුපාතයන් වහාම අඩු කරන ලෙස ය. මේ පිළිබඳ ව මාධ්‍යය විසින්  කළ විමසීමකට අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක විසින් පසුගිය පෙබරවාරි 8 දින දෙන ලද පිළිතුර වූයේ, රටේ පොලී අනුපාතයන් නියම කිරීමේ බලය මුදල් නීති පනත මගින් මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පවරා ඇති බැවින්, ඒ සඳහා රජයට මැදිහත් වීමට කිසිම හැකියාවක් නොමැති බව යි. එහෙත්, මෙය නිවැරදි පිළිතුරක් නොවේ.  කියවන්න...

ජවිපෙ/ පරිපාලන සේවා සමිති ආදායම් බදු යෝජනා ප්‍රෙහෙලිකාව – මහාචාර් ය රොහාන් සමරජීව

ශ්‍රී ලංකාව ගොදුරු වී සිටින පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය ආරම්භ වීමට හේතු වුයේ ඇතැම් අතාර්කික බදු ඉවත් කිරීම් ය. අර්බුදයෙන් ගොඩ යෑමට බදු වැඩි කිරීම අවශ්‍යයෙන් ම සිදුවිය යුතු ය.



ශ්‍රී ලංකාවට තම ණය ගෙවීමට හැකි වන්නේ ද යන්න ගැන ඉතාමත් තීරණාත්මක දර්ශකය වන්නේ ප්‍රාථමික ගිණුමේ ශේෂය වන අතර ඒ පිළිබඳව ඉලක්ක සම්බන්ධයෙන් අපට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟත්වයකට පැමිණීමට සිදුවෙයි. දැන් අපට ඇත්තේ ඍන ශේෂයකි. නිදහසින් පසු වසර 75ක කාලයෙන් වැඩි ප්‍රමාණයක දී තිබුණු තත්ත්වය එය යි.  මුල්‍ය අරමුදලේ සහතිකය පවත්වාගෙන යාමට 2025 දී  දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට +2.3 ක ශේෂයක අවසාන ඉලක්කය කරා යෑම සඳහා වන අන්තර් කාලීන කඩ ඉම් නිසි කලට පසු කල යුතුය.

රජයේ වියදම් කපා හැරීම අවශ්‍ය නමුත් අපහසු ය. ඒ ගැන අවධානය යොමු කරන අතර ම, අප එකඟ වන ඉලක්ක සපුරා ගැනීමට නම් ආදායම් වැඩිකර ගැනීම ද අවශ්‍ය ය. 2022 වසර සඳහා එකඟ වූ අන්තර් කාලීන ඉලක්ක සපුරාගැනීමට රජයට හැකි වූ බව වාර්තා වී ය. බදු සම්බන්ධයෙන් රජය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර ඇති කර ගත එකඟතාවය පහත දක්වා ඇත. කියවන්න...

ළිං මැඩි සංකල්ප පසෙකලා ජාත්‍යන්තරයට විවර වෙමු – දුෂාණි එදිරිසිංහ

දෙදහස් පන්සියයක පමණ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව අද හැත්තෑපස් වන නිදහස් සැමරුම අති උත්කර්ෂවත් ලෙස සමරනවා. පෘතුගීසි, ලන්දේසි පාලන සමය අහවර වීමත් සමඟ ලංකාව වසර එකසිය තිස් තුනක් ඉංග්‍රීසීන්ගේ කිරීටයක් බවට පත්වෙලා තමයි තිබුණේ. ඉතින් මේ නිසා ශ්‍රී ලාංකික මිනිහාගේ නිදහසේ අයිතිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පූජා කිරීමට සිද්ධ වුණු වග ඔයාලා දන්නවා. ඒ නිසා රටේ විවිධ කැරලි කෝලාහල,ජාතික ව්‍යාපාරයන් ඔස්සේ ජාතික වීරයන් අප රට බේරා ගැනීමට දිවි හිමියෙන් කටයුතු කළා. ඉතිං එහි අවසාන ප්‍රතිඵලය ලෙස වර්ෂ 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාව නිදහස් බිමක් ලෙස බ්‍රිතාන්‍යන් ප්‍රකාශයට පත් කරනවා.මෙන්න මේක තමයි නිදහසේ කතන්දරේ.

ඉතින් මේ ලබාගත් නිදහස ඇත්තටම අපිට ලැබුණු නිදහසක් ද? කියවන්න...

මිල පාලනයෙන් උඩ ගිය රන් කිකිළිගේ බිජු – දුෂාණි එදිරිසිංහ

“බිත්තර හරි ගනන්නේ” , මේ දවස්වල පාර තොටේ ටීවී එකේ දේශපාලන වේදිකාවේ හැම තැනකම නිමක් නැතිව කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකාවක් තමයි බිත්තර මිල. ඔයාලා අහල තියෙනවනෙ රත්තරන් බිත්තර දාන රන් කිකිළිගේ කතාවත්, මේ දවස් වල රත්තරන් බිත්තර දාන  රන් කිකිළිගේ බිත්තරවලටත් වඩා ලංකාවේ බිත්තර මිල අහස උසට වැඩි වෙලා.ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වෙලා  ඉන්න මිනිසුන්ට වේල් තුන පිරිමහ ගන්නවා කියන එකත් අභියෝගයක් වෙලා කියලා අපි දන්නවනේ.

ලංකාවේ ප්‍රධාන ආහාරය වන පෝෂදායි බත් වේලකට මස් කෑල්ලක් මාළු කෑල්ලක් එකතු කරගන්න බැරි දුප්පත් මිනිහාගේ එකම පිහිට  වූනෙත් රුපියල් 12  13 ට පැවති බිත්තරනේ…ඉතිං බිත්තරෙන්  ශරීරයට ප්‍රෝටීන් එකතු කර ගත්තත්  අද වෙනකොට එය මිලට ගන්නවා තියා ඒ දිහා ඇහැක් ඇර බලන්නවත් බැරි මට්ටමකට මිනිසුන් පත්වෙලා. කියවන්න...

ආර් තිකයට නව වසරේ කළ යුතු දේ – මහචාර් ය සිරිමල් අබේරත්න

2022 වසර ආරම්භයේදී ශ්‍රී ලංකා ආර්ථිකය කඩාවැටීම ආරම්භ විය. 2021 වර්ෂයේ දී උපයන ලද මුළු විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 20 කි. එම වසරේ ණය ගෙවීම් ද ඇතුළත්ව මුළු වියදම ඩොලර් බිලියන 28 කි. ඒ අනුව, ඩොලර් බිලියන 8 ක හිඟයක් සහිතව 2022 ට අවතීර්ණ වුණෙමු. එම පරතරය වනාහී 2021 වසරට පමණක් අනන්‍ය වූවක් නොවූ අතර ඉන් පෙර සිටම විවිධ අගයන්ගෙන් වාර්තා විණි.

එහෙත් 2021 දී එම පරතරය විශාල ලෙස ඉහළ යෑම කැපී පෙනෙන ලක්ෂණයක් විය. සංචාරක කර්මාන්තයෙන් උපයන ලද ආදායම් සහ විදේශ සංක්‍රාම ඔස්සේ රටට ලැබෙන විදේශ විනිමය හරහා ජංගම ගිණුමේ ශේෂය අඩු කර ගත හැකි බව නිරන්තරයෙන් ප්‍රකාශ වන්නකි. එවැනි මාර්ගවලින් ලැබෙන ආදායම් ප්‍රමාණවත් නොවන සෑම අවස්ථාවකදීම රජය විදේශ ණය ලබා ගනිමින් හිඟය පියවා ගැනීමට කටයුතු කළේය. ඇතැම් අවස්ථාවල ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිත ඒ සඳහා භාවිත කරන ලදී. එහෙත් 2021 වර්ෂය වන විට මේ සියලු මූලාශ්‍ර ශූන්‍ය තත්ත්වයට පත්ව තිබුණි. මෙරට ආර්ථික අර්බුදය ආරම්භ වූයේ ඒත් සමගය. කියවන්න...

යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ණය කපා හැරීමක් නැහැ !

එකඟත්වයකට පහසුවක් !!

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ණය යම් ප්‍රමාණයක් කපා හැරීමට යෝජනා වනු ඇතැයි අපේක්ෂා කළ ද , පැරිස් සමාජය දැන් ඉදිරිපත් කොට තිබෙන  යෝජනාව අනුව කටයුතු කරන්නේ නම්, කපා හැරීමකින් තොරව ණය ප්‍රතිව්‍යුහගත කරගත හැකිවනු ඇතැයි ද ආර්ථික ක්ෂේත්‍රයේ නිරීක්ෂකයෝ කියති.

මෙලෙස ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නම් එයට ණය හිමියන්ගේ කැමැත්ත ලබා ගැනීම ද අපහසු නොවනු ඇතැයි කියති. කියවන්න...

බදු පැනවීමේ අමිහිරි යථාර් ථය – රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ

මේ අවස්ථාවේ නොකරම බැරි දෙයක්

වත්මන් ආණ්ඩුවෙන් පසුගියදා පැනවූ සහ ඉහළ නැංවූ බදු සහ එම බදු මෙරට ආර්ථිකයට, ව්‍යාපාරවලට අපනයන අංශයට බලපාන ආකාරය සම්බන්ධයෙන් රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය:- වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැතිවරයා වශයෙන් ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් මෙතෙක් නොවූ ආකාරයේ බදු යෝජනා රාශියක් ඉදිරිපත් කළා. දැන් ඒවා එකින් එක ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබෙනවා. ව්‍යවසායකයකු හැටියට නොව පුරවැසියෙක් හැටියට සමස්තයක් වශයෙන් ඔබ මේ ගැන සිතන්නේ කුමක් ද? කියවන්න...

බදු වැඩි කිරීම වැරදි ද? – අජිත් පැරකුම් ජයසිංහ

ආර්ථික විශ්ලේෂක උමේෂ් මොරමුදලි පෙන්වාදෙන පරිදි, 2019 ගෘහස්ථ ආදායම් වියදම් සමීක්ෂණය අනුව, ලංකාවේ රු. 79,000 ට වඩා ආදායම් උපදවන්නන් අයත් වන්නේ ඉහළම 10% ටයි.

නව ආදායම් බදු සීමාවන් අනුව, මා නම් බදු ගෙවන සීමාවට අයත් වන්නේ නැත. මට ඒ ගැන ලැජ්ජා වෙන්නට හේතුවක් ද නැත. ආදායම් බදු ගැන අඬා වැටෙන මෙහි සිටින බොහෝ දෙනෙකුගේ තත්වය ද එසේය. කියවන්න...

අලුත් බදු නිසා පොලී අනුපාත පහළට ; ආර් ථිකයට යහපත් – ආර් ථික විශ්ලේෂක ජයන්ත කොවිලගොඩගේ

ආණ්ඩුව ගැසට් කර ඇති නව බදු ක්‍රමය පීඩාකාරී ලෙස පෙනී ගියත්, එය ක්‍රියාත්මක කළ පසුව බැංකු පොලී අනුපාත ක්‍රමානුකුලව අඩුවීමෙන් ආර් ථිකයට වඩා යහපත් තත්ත්වයක් නිර්මාණය වනු ඇති බව ලංකා බිස්නස් ටී වී හි ආර් ථික විශ්ලේෂක ජයන්ත කොවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි.

මෙම බදු මගින් රජයේ ආදායම් වැඩි කරගත් විට ආණ්ඩුවේ ණය ගැනීම් අඩුවීම නිසා භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සඳහා ගෙවන ඉහළ පොලී අනුපාත පහළ වැටෙන බවත්, එමගින් බැංකු පොලී ද පහළ යනු ඇති බවත්, ඒ මහතා කියයි. කියවන්න...

මේ බදු එපා කියන උදවිය පිළිතුරු දිය යුතු ප්‍රශ්න – ජයවීර සෙනෙවිරත්න

“වක්‍ර බදු එපා ! ඍජු බදු පනවන්න !!” යන්න පසුගිය කාලයේ බොහෝ දෙනා කී කතාවකි. එමෙන් ම පොදු ජනයා පරිභෝජනය කරන අල , ලුණු , සීනි , කිරිපිටි වලින් බදු ගන්නේ නැතිව ඉහළ ආදායම් ලබන්නන්ගෙන් බදු අය කළ යුතු බව ද , විපක්ෂය සහ වාමාංශිකයින් දිගට ම කී කතාවකි. එමෙන් ම මෙරට ජනයාගෙන් හරි අඩකට වැඩි පිරිසක් යන්තම් ජීවත්වීමට අවශ්‍ය රුපියල් පනස් දහසක වත් ආදායමක් නොලබන බව ද ඒ සමග ම කී කතාවකි.

දැන් ආණ්ඩුව කර තිබෙන්නේ ඇති හැකි අයට බදු ගැසීමයි . ඒ ලබන ආදායමේ ප්‍රමාණය අනුව වැඩි වන බද්දකි . දැන් විපක්ෂය කියන්නේ ජනතාවට දරාගන්න බැරි තරමේ බදු පනවා ඇති බව යි. කියවන්න...