Category: ආර්ථික විග්‍රහ

ඇත්තටම අපිට අපේ විදේශ ණය ගෙවා ගන්න පුළුවන් ද ? – තත්සරණි සිරිවර්ධන

2021 ජනවාරී 18 ලංකාවට ගෙවන්න තියෙන ණය වාරිකයත් සමග ණය ගැන ගොඩක් දෙනෙක් කතා කරනවා. වර්තමානයේ ලංකාවේ ඇතිවෙලා තියෙන ණය අර්බුදය, දශක ගනනාවක් තිස්සේ සැලැස්මක් නොමැතිව ණය ලබා ගැනීම් වල ප්‍රතිඵලයක් ලෙස දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් රටක් ණය ලබා ගන්නේ ප්‍රධාන ලෙස කාරණා 3 කට.

  1. අයවැය හිඟය පියවන්න
  2. විශාල වශෙයන් සිදුකරන යටිතල ප්‍රවර්ධන වැඩසටහන් සදහා
  3. නොසිතු ලෙස ඇතිවෙන ආර්ථික කම්පනයන් සදහා මුහුණ දීමට

ශ්‍රී ලංකාව පමණක් නොවෙයි ලෝකයේ හැම රටක්ම පාහේ ණය අරගෙන තම ආර්ථික කටයුතු සිදු කරනවා. එතකොට ගොඩක් දෙනක් අහන ප්‍රශ්නය තමයි අනිත් රටවල් වලට ණය ලබා ගෙන ආර්ථිකය අරගෙන යන්න පුලුවන් නම් ඇයි අපිට එහෙම කරන්න බැරි කියලා. අපේ රටේ මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නයට ප්‍රධාන හේතුව තමයි අපි ගත්ත ණය හරි විදියට කලමනාකරණය කරන්නේ නැති එක. සමහරක් ණය අරගෙන තියෙන්නේ රාජ්‍ය අංශයේ ණය ගෙවන්න හා රාජ්‍ය අංශයේ වැටුප් ගෙවන්න, තවත් ණය අරගෙන තියෙනවා නැවත ප්‍රතිලාභයක් නොලැබෙන ගොඩනැගිලි හා ව්‍යාපෘති සදහා. ආර්ථික විද්‍යාවට අනුකුලව ගන්න ණය නිසි ලෙස ආයෝජනය කල යුතුයි. ඒ කියන්නේ අපි ඩොලර් වලින් ණයක් ලබා ගත්තා නම් අපි ඒ ණය ආයෝජනය කල යුත්තේ අපිට ඩොලර් වලින්ම ප්‍රතිලාභයක් ලැබෙන දෙයක් සදහායි. අපි ඒ ණය මුදල රුපියල් වලින් ප්‍රතිලාභ ලැබෙන දෙයක් සදහා යෙදුවොත් වෙන්නේ අපි මේ සල්ලි ඩොලර් වලට මාරු කරන්න ඕනේ. ඊට අමතරව අපි මේ ණය ආයෝජනය කල යුත්තේ ඒ ලැබෙන ප්‍රතිලාභයෙන් ගත්ත ණයයි  පොලියයි දෙකම ගෙවීමට පුළුවන් වෙන විදිහට. අපිට ප්‍රතිලාභයක්  නොලැබෙන ව්‍යපෘති සදහා මේ ගන්න ණය ආයෝජනය කිරීමෙන් සිද්ධ වෙන්නේ අන්තිමට ඒ ණයත් අපේ භාණ්ඩාගාරයෙන් ම ගෙවීමට සිදු වෙන එකයි, ඒ කියන්නේ වක්‍ර ලෙස රටේ ජනතාවගේ සල්ලි වලින්ම තමයි ඒ ණය ගෙවන්න සිද්ධ වෙන්නේ. . කියවන්න...

18 දා ණය නොගෙවිය යුතුයි, ගෙව්වොත් අපි තවත් ආමරුවේ – ආචාර්ය නිශාන් ද මේල්

මෙම ජනවාරි 18 වැනිදාට කල් පිරෙන ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර බැඳුම්කරය නොගෙවිය යුතු බවත් එය ගෙව්වොත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තවත් පහත වැටී රට තවත් අමාරුවේ වැටෙනු ඇති බවත්, වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මේල් මහතා ප්‍රකාශ කරයි.

අප ණය ගෙවා තිබිය දී ශ්‍රේණිය පහත දමන්නේ ඇයි ? කියා කෙනෙකුට ප්‍රශ්න කළ හැකි වුව ද , ශ්‍රේණිගත කිරීමේ ආයතන බලන්නේ අතීතයේ කළ දේ නොව අනාගත හැකියාව බවත් කී මේල් මහතා වැඩි දුරටත් කීවේ අප කළ යුතු වන්නේ ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කර ගනිමින් අනාගතය සඳහා සංචිත ගොඩනගාගැනීම බවයි. කියවන්න...

සැබෑ ආර්ථික අර්බුදය යනු මේ නගන අඳෝනාව නොවේ – ධනනාත් ප්‍රනාන්දු

Port City Party එකේ tickets sold out. One Galle Face එකේ මිනිස්සු පොරකති. Super market වල මිනිස්සු පොරමින් බඩු ගනිති. ඉදින් මොන ආර්ථික අවපාතද? මිනිසුන් සන්තෝසයෙන්. මේ දිනවල බොහෝ දෙනා කියන කතාවකි මෙය.

මගේ ගම දෙණියාය වුවද බොහෝ කාලෙක සිට පදිංචිය මොරටුවේය. මටත් මේ දිනවල නිතරම කෑම වේල්, නත්තල් සාද සහ අලුත් අවුරුදු සාදවලට ඇරයුම්ය. කතාවට කියන්නේ මොරටුවේ මිනිස්සුන්ට නත්තල් ඉවර වෙන්නේ ජනවාරි මාසයේ මොරටුවේ පල්ලියේ මංගල්ලෙන් බවයි. මේ දිනවල ඇති බොහෝ සාදවල විදේශීය මත්පැන් බෝතල් වර්ග මෙන්ම කෑම බීමද ඇති පදම්ය. බැලූ බැල්මට කිසිම ප්‍රශ්නයක් නෑ කියන කතාවේද වරදක් නැත. කියවන්න...

කළ යුත්ත නොකළ යුත්ත නොතේරීම – මහාචාර්ය සිරිමල් අබේරත්න

වර්ෂ 2021 දී මෙරටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ගැන සමාලෝචනය කිරීමේදී අංශ කීපයක් කෙරෙහි අවධානය යොමු විය යුතුය. සාර්ව ආර්ථික කළමනාකාරීත්වය හා සංවර්ධන අරමුණු කරා ළඟා වීම යන මූලික ප්‍රස්තුත දෙක මත අපට එම සාකච්ඡාව ඉදිරියට ගෙන යා හැකිය. සාර්ව ආර්ථික කළමනාකාරීත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී පැහැදිලිව දැකගත හැකි තත්ත්වය වූයේ පැවති මුදල් හිඟය හේතුවෙන් ආර්ථික කටයුතු නිසි පරිදි පවත්වාගෙන යෑම සඳහා මහ බැංකුවට මැදිහත්වීමට සිදු වූ බවය. ඒ මුදල් අච්චු ගැසීම හරහාය. එය එක්තරා දුරකට සිදු කළ හැකි වුවත් අඛණ්ඩව පවත්වාගෙන යා නොහැකිය. මන්ද එහි ඇති අහිතකර ප්‍රතිවිපාක මතු වෙන විට ඊට වඩා භයංකර තත්ත්වයක් උදා විය හැකි බැවිනි. එසේ නොකර පැවති ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගත හැකි තත්ත්වයක්ද නොවිණි. එම අර්බුදයට බලපෑ එක් සාධකයක් වූයේ කොවිඩ් ය.

එම වසංගතය පාලනය කිරීම වෙනුවෙන් ධනවත් රටවලට ඒවායෙහි දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ක් දක්වා මුදල් වියදම් කිරීමට හැකි විය. දියුණු වෙමින් පවතින රටවලට ද දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දෙකත් තුනත් අතර මුදල් ප්‍රමාණයක් ඒ සඳහා යෙදවීමට පිළිවන් විය. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ දත්තවලට අනුව ලංකාවට ඒ අරබයා වෙන් කිරීමට හැකි වී තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.7 ක මුදල් ප්‍රමාණයකි. එයින් ගම්‍ය වන්නේ මේ සුවිශේෂ වසංගත තත්ත්වය වෙනුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වියදම් කළ තරමට හෝ මුදල් වැය කිරීමට ලංකාව අසමත් වී ඇති බවය. කියවන්න...

රටට ආදරය කරන ආර්ථිකයක් හදන විදිහ – ධනනාත් ප්‍රනාන්දු

‘ආදරය’ ආර්ථික විද්‍යාවත් එක්ක එකට යන වචනයක් නොවේ. එහෙත් අපි ආදරය කරන දේවල් නිසා අපේ ආර්ථිකය මෙන්ම රටේ ආර්ථිකයටද විශාල වෙනස්කම් විය හැකිය. එනිසා රටට ආදරය කරන ආර්ථිකයක් හැදිය හැක්කේ කෙලෙසින්දැයි සොයා බැලීම වර්තමානයේ වඩා වැදගත් වේ.

බැලූ බැල්මට මාතෘකාව සරලය. නමුත් මේ තේමාවේ පෙරලිකාරම වදන නම් “ආදරය” යි. බොහෝ දෑ හිතකාමීහු රටට ආදරේ යැයි පවසති. එහෙත් වදනින් පැවැසුවද සත්‍ය ලෙසම රටට ආදරය කරන්නේද? කියවන්න...

යුගදනවි ගනුදෙනුව අහිතකරද? – ටියුඩර් විජේනායක

2015 නොරොච්චෝලෙ ව්‍යාපෘතියෙන් පසුව විදුලි බල ශක්තිය උත්පාදනය උදෙසා ටෙන්ඩර් කිහිපයක් කැඳවූ නමුත් ලංවීම කිසිදු බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සමත් නොවූ නිසා රට මහා විදුලි අර්බුදයක් කරා ළං වෙමින් පවතී. ලංවිම අවසාන වශයෙන් ටෙන්ඩර් කැඳවූයේ දැනට පවතින සහ අනාගත බල ශක්තිය උත්පාදනබලාගාර ස්වභාවික ද්‍රව වායු (LNG) මගින් ක්‍රියාත්මක වන ඒවා බවට පරිවර්තනය කිරීම, ඒවා පාවෙන ගබඩාවක රැඳවීම සහ නැවත වායු බවට පත් කරන ඒකකයක් පිහිටුවීම, නළ මාර්ග පද්ධියක් ගොඩනගා බලාගාර වෙත ගෑස් බෙදාහැරීම යන කටයුතු උදෙසාය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ස්වභාවික ද්‍රව වායු (LNG) සැපයීම ඇමෙරිකානු සමාගමක් වූ ෆෝට්‍ර්ස් එනර්ජි වෙත ප්‍රදානය කරන්නට එකඟ වූවේය. යුගදනවි බලාගාරයට ස්වභාවික ද්‍රව වායු (LNG) සැපයීමත් වසර දෙකක් තුළ මෙගාවොට් 350කින් යුක්ත අලුත් බලාගාරයක් ඉදිකිරීමත් ඊටම අයත් විය. කියවන්න...

රුපියල් අච්චු ගහද්දි ඩොලර් සංචිත අඩුවෙන්නෙ කොහොමද? – ධනනාත් ප්‍රනාන්දු

අපට අපගේ විදෙස් සංචිත සහ රුපියල් ගැන සිහිපත්වනුයේ ආර්ථිකය අවසන් අඩියට කඩා වැටුණට පසුවය. මේ දිනවල විදේශ සංචිතවල තත්ත්ත්වය සම්බන්ධයෙන් බොහෝ තැන්වල කතාබහ වෙති. ආර්ථික විද්වත්හු ඒ ගැන විවිධ විවරණ දෙති. කොහොම වුණත් සංචිත පහළයන්නෙ ඇයි කියල සොයා බැලීමත් වැදගත්ය.

ඇතැමුන් සිතාසිටිනුයේ රජය ආනයන තහනම් කළද ආණ්ඩුව හොර රහසේ භාණ්ඩ ගෙන්වන බවය. එලෙස භාණ්ඩ ගෙන්වන්නේ නැතිනම් මේ ආකාරයෙන් රුපියල බාල්දු නොවන බව සාමාන්‍ය ජනතාවගේ අදහසයි. විදේශයක සිටින මා මිතුරෙක් මැතකදී විමසා සිටියේ “ඩොලර් නම් අතේ තියෙනව. ඒවා දැන්ම රුපියල් කරන්නද? නැත්නම් තව කාලයක් ගිහිල්ල රුපියල්වලට හරවන්නද යනුවෙනි. කියවන්න...

විනිමය අර්බුදයට පැලැස්තර දැමීම – ආචාර්ය සිරිමල් අබේරත්න

නාගරික සංවර්ධන අධිකාරිය ඇමෙරිකානු ඩොලර් බිලියනයක ගිවිසුමකට අත්සන් තැබුණු බව සන්ඩේ ටයිම්ස් පුවත්පත ඉකුත් සතියේ දී වාර්තා කර තිබිණි. එම ප්‍රවෘත්තිය කියැවූ මගේ මිත්‍රයකු අදාළ ගිවිසුම මගින් ඇති විය ආර්ථික බලපෑම, ආර්ථික ප්‍රතිවිපාක සම්බන්ධයෙන් දැන ගැනීමට සඳහා මට කතා කළේ ය.

“මෙමගින් අපේ විදේශ විනිමය ප්‍රශ්නය විසඳෙනවා ද ? නැතිනම් මෙමගින් ප්‍රශ්නය විසඳෙනවා ද ?” යැයි ඔහුගෙන් මම විමසමි. ඔහුට විෂය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ඇති බව මම දනිමි. ඔහු පශ්චාත් උපාධිධාරියකු වන අතරම වෘත්තීය අත්දෑකීම් ඇත්තෙකි. එබැවින් ඔහු අසන ප්‍රශ්නය වැදගත් සහ වලංගුතාවයක් ඇත්තකි. කියවන්න...

ආර්ථික අර්බුදයකට පාර කැපූ අයවැයේ අංක විජ්ජා – වෙරිටේ රිසර්ච්

සෑම වසරකම නොවැම්බරයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වන අයවැයෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ රටේ සහ අපේ ප‍්‍රශ්නවලට විසඳුම්ය. අය කරන බදු ගැනත්, එමගින් උපයා ගන්නා ආදායම ගැනත්, බදු ජනතා සේවයට යොදවන ආකාරයත් විස්තර කරන වාර්ෂික අයවැය, රටක ආර්ථික ඉදිරිගමන පිළිබඳ ඉතා වැදගත් පණිවිඩයක් දිය යුතු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයකි.

එය එසේ විය යුතු වුවද, අවාසනාවකට මෙන් එය එසේ නොවන බව මෑතදී වෙරිටේ රිසර්ච් ආයතනය ප‍්‍රකාශයට පත් කළ, 2022 අයවැය ඇස්තමේන්තු සහ ඊට පාදක කරගත් උපකල්පන පිළිබඳ විශ්ලේෂණයක් ඇතුලත් ”පබ්ලික් රිපෝර්ට් ඔන් 2022 බජට්” යන ප‍්‍රසිද්ධ වාර්තාව පෙන්වා දෙයි. කියවන්න...

විදුලි අර්බුදය සහ රජයේ කාර්යභාරය – කීර්ති ගොඩිගමුව

LNG සැපයුම සහ එහි යටිතල පහසුකම් NEW Fortress Energy නම් අමෙරිකානු සමාගමකට පැවරීමට රජය ගෙන ඇති තීරනයත් සමඟම මතුවී ඇති විදුලි සේවක විරෝධතා සමඟ විදුලි අර්බුදය පිලිබඳ කතාබහ නැවතත් කරලියට පැමිණ ඇත. නොඒසේ නම් මෙම අර්බුදය එන වසරේ පෙබරවාරි මාසය පමන වන විට සිදු වන ජල විදුලි නිෂ්පාදනයේ පහත වැටීම හා සමගාමිව වැඩි වන තාප විදුලි ජනනය සඳහා අවශ්‍යවන ඉන්ධන වෙනුවෙන් වැය කල යුතු ඩොලර් හිඟවීම හරහා කරලියට ඒමට නියමිතව තිබුනි.

දැන් පැමින ඇති ප්‍රශ්නය සහ ඉදිරියේ දී මුහුන දීමට ඇති තත්වය මින් පෙර අවස්ථාවන්ට වෙනස්වීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ අද වන විට මෙම ප්‍රශ්න තවදුරටත් කල්දැමිය හැකි තත්වයක නොමැති හෙයිනි. එනම් මෙතෙක් වලංගු වූ පැලැස්තර විසඳුම් වලින මෙම ප්‍රශ්නයෙන් ගැලවී පලායන තත්වයක ආණ්ඩුව නොපැවතීමයි. මින් පෙර අවස්ථාවලදී මෙම ප්‍රශ්න අවසන්වූයේ අමතර තාප විදුලිය ලබා ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීම වැනි විසඳුම් වුවත් මේ අවස්ථාවේ එක් අතකින් ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය විනිමය හිඟයකින් පීඩා විඳින අතර අනිත් අතින් විදුලිය විකිණීමෙන් ලැබිය යුතු ආදායම වැඩිවීමක් නොමැතිකම හරහා විදුලි නිෂ්පාදකයන්ට ගෙවීම් කිරීමට අපහසු වීම හරහාත් තත්වය උග්‍ර අතට හැරී ඇත. කියවන්න...