Category: ආර්ථික විග්‍රහ

පොහොර, කෘමිනාශක සහ වල්නාශක තහනම සෞභාග්‍යයේ දැක්මට පටහැනිය, දෝෂ සහිතය – මහාචාර්ය රොහාන් සමරජීව

සාකච්ඡාවකින් තොරව පසුගිය සතියේ සම්මත කරනු ලැබූ, පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමේ කැබිනට පත්‍රිකාව මගින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ සම්පුර්ණ විපර්යාසයක් සිදුවෙයි. පාරිභෝගිකයන්ට, ගොවීන්ගේ ජීවනෝපායට, සහ කෘෂිකර්මයට  සහ ඊට සම්බන්ධ ක්ෂේත්‍රවල ආයෝජන කළ අයට එමගින් වන බලපෑම අති විශාල ය.

20 වැනි සංශෝධනය මගින් පාර්ලිමේන්තුව බාල්දු කලා වුවද, මෙවන් භාරදූර පෙරලියක් සම්බන්ධයෙන් එය මුළුමනින් නොතකා හැරීම සහ විශේෂඥතාවය ඇති රජයේ ආයතන නොසලකා හැරීම වරදකි. කෘෂිකර්මය බෙදා ඇති විෂයයක් බැවින්, තෝරාපත් කරගත් සභිකයින් නොමැති වුව ද, පළාත් සභාවල අදහස් විමසිය යුතුව තිබිණි. තමන්ගේ ආයෝජන කෙරෙහි බලපෑම් ඇතිවුවන්ගේ පෞද්ගලික දේපළ සම්බන්ධයෙන් පවරාගැනීමේ බලපෑමක් ඇතිවීම නිසා, මුලික අයිතිවාසිකම් ආරක්ෂකයා සහ සාධාරණත්වය පවත්වාගෙන යන්නා වශයෙන් අධිකරණයේ බලයට ද ඉල්ලීම් කිරීමට සිදුවිය හැකි ය. කියවන්න...

පෝර්ට් සිටි ව්‍යාපෘතිය බුදුදහමට අනුකූලද ? – ධනනාත් ප්‍රනාන්දු

අලුත් අවුරුද්දෙත් වැඩ අල්ලන්න යන්නෙ. ඒ කියන්නෙ සුපිරියටම ගුටි කන එකක් ලියන්නයි යන්නෙ. (දිග වැඩියි ඈ) වැඩේ නැගල ගියොත් ෂුවර් එක රැයින් දේශද්‍රෝහියෙක් වුණත් වෙන්න පුලුව​න්.  අද කතාව ‘Port City’ ගැන. මං මේ ලඟදි කෝච්චියෙ එ​න ගමන් දෙන්නෙක් ලොකු කතාවක මේ Port City එක ගැන. කතාවෙන් තේරුණ විදියට දෙන්නම රජයේ ආයතයක තමයි සේවය කරන්නේ.

‘අපේ ඇමතිතුමා කිව්වා Port City එක හැදුවම අපේ මුලු ඔෆිස් එකම ඒකට අරං යනව කියල. එතන වැඩ කරන්න එහෙම පහසු​යිලු.’  කියවන්න...

සොරකම් කළ නිදහස

” ශ්‍රී ලංකාවට සිගප්පුරුවක් වෙන්න බැරි ඇයි ? ” – බෙල්වෙදර් විග්‍රහය ( සෙවන කොටස )

බ්‍රතාන්‍ය නැගෙනහිර ඉන්දියානු සමාගමේ ඒකාධිකාරය සහ ආරක්ෂණය ( එය ඕලන්ද නැගෙනහිර ඉන්දීය සමාගමෙන් උරුම වුවකි )  යටත් විජිත සිවිල් සේවා නිලධාරීන් විසින් 19 වන සියවසේ දී බිඳ දැමීමෙන් පසුව ශ්‍රී ලංකාවට ආර්ථික නිදහස හිමි වීය.

1948 දී ස්වයං තීරණ අයිතිය හිමිවීමෙන් පසුව , ශ්‍රී ලංකාවේ ප්‍රධානී ෆෙස්ටස්ලා සහ රාජ්‍ය ආයතන ක්‍රමානුකුලව නිදහස සොරකම් කරන ලද්දේ , 1951 න් පසුව හිගයන් ඇතිවීමට පටන්ගැනීමත් සමග විදේශ විනිමය රැකගැනීම ආරක්ෂා කිරීමේ සාධාරණීකරණය යටතේ ය. කියවන්න...

රාජ්‍ය පාලනයේ අලුත් සිතීමක් සඳහා අර්ථශාස්ත්‍ර – මහාචාර්ය රොහාන් සමරජීව විසිනි

අර්ථශාස්ත්‍ර කියන්නේ රාජ්‍ය පාලනය ගැන විද්වත් රචනාවක්. එහි කර්තෘවරයා ලෙස සැලකෙන්නේ චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ කාලයේ (ක්‍රි.පූ. 321-297) ජීවත් වූයේ යයි සැලකෙන කෞටිල්‍ය හෙවත් චානක්‍යයි. මෙම තීරු ලිපියේ අරමුණ කෞටිල්‍යගේ චින්තනය නැවත පණගැන්වීම නොවෙයි. මෙහි අරමුණ වන්නේ වර්තමාන අභියෝගවලදී රාජ්‍ය පාලනයට අවශ්‍ය නව චින්තනය නිර්මාණය කරගැනීම දිරිගැන්වීමයි. කෞටිල්‍ය ලිව්වේ එකල පැවති පාලනය වෙනුවෙනුයි. මා ලියන්නේ අපගේ ජනතාව හා අපගේ ජනරජය වෙනුවෙනුයි. කෞටිල්‍ය විසින් දෙන ලද උපදෙස් සියල්ලත් ක්‍රියාත්මක වුණේ නැහැ. මෙහිදීත් ඒක වෙන්නට පුළුවන්.   

අලුත් සිතුවිලි අවශ්‍ය ඇයි? අපව පාලනය කරනු ලබන්නේ අසමත් රාජ්‍යයක් විසින්. 1930 දශකයේ මහා ආර්ථික අවපාතය හා මැලේරියා වසංගතෙයේ සිට අපගේ ජනතාවගේ ජීවිතවල ක්‍රමානුකූල වෙනස්කම් සිදුවුණා. ගෝලීය ආර්ථික අර්බුදයේ හා දේශගුණික විපර්යාසයේ ස්වභාවය නිසා ඒවා තවදුරටත් තිරසර අන්දමින් කරන්නට හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාවේ දුර්වල රජය අවස්ථා පාවිච්චි කරන්නට පමණක් නොවෙයි, හානි අවම කරන්නට පවා අසමත් වන බව ඔප්පු කරමින් ඉන්නවා. කියවන්න...

ඇත්ත නොදැකීමේ විපාක – මහාචාර්ය රොහාන් සමරජීව

රටේ ආර්ථික තත්ත්වය ගැන ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට නිසි විග්‍රහයක් තිබී නෑ

ශ්‍රී ලංකාව මේ වනවිට රටක් හැටියට තිබෙන්නේ ආර්ථික වශයෙන් අන්තිම නරක තැනකය. එහෙත් මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවේදී ආණ්ඩුවේ බොහෝ පිරිස් දක්වන අදහස්වලින් අපට සන්නිවේදනය වන කරුණක් තිබේ. එනම්, රටට මෙවැනි ඉරණමක් අත්වන බව දැන නොසිටියේය වැනි අදහසකි. රටක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය වන්නේ විද්‍යානුකූල දත්ත පදනම් කරගෙනය. එනිසා මේ කියන කතා විද්‍යාත්මකද කියා විමසීමට එවිට අපට සිදුවේ. විශේෂයෙන්ම ප්‍රතිපත්ති සකසුවන් මේ දේවල් දැනගත යුතුය. මක්නිසාද යත් මෙවැනි තැනකට රට වැටෙන බවට ඇසට පෙනෙන ආර්ථික දත්ත එළිමහනේ ඇති බැවිනි.

2017, 2018 කාලයේදී මහ බැංකු අධිපති ධුරය දැරුවේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාය. 2019 හා 2020 යනු වැඩිපුරම ණය ගෙවන්නට සිදුවන කාලයක් වන නිසා රටේ ආර්ථිකයට ඉදිරියේදී ලබන්නේ නරක දශාවක් බව කුමාරස්වාමි මහතා කල්තියා පැවැසුවේය. කියවන්න...

මානව ඛේදවාචක සහ ආර්ථික ව්‍යසන පිරුණු වර්ෂයක් දෙස ආපසු හැරී බැලීමක් – නිමල් සඳරත්න

මෙම වසරේ දී තරම් ගෝලීය ආර්ථිකය විනාශයට ලක් වූ තනි වර්ෂයක් මතක ඇති කාලයක තිබී නැත. එය මුල්‍ය හෝ ආර්ථික හෝ අර්බුදයක් නොවේ. එය ආර්ථික පසුබැස්මක් ද  නොවේ. එය ආර්ථික ව්‍යසනයක් සහ මානව ඛේදවාචකයකි. ලෝකය පුරා ආර්ථිකයන් කඩාකප්පල් වීය.බොහෝ රටවල ආර්ථික වර්ධනය හැකිලුනි.ගෝලීය ආර්ථික වර්ධනය ඍන වීය.

කොවිඩ් 19 වසංගතය ගෝලීය ඛේදවාචකයකි. එයින් ලෝකය පුරා මිලියන ගණනක් ජනයා මිය ගියහ. තවත් කෝටි ගණනක් රෝගයට ගොදුරු වුහ. කුසගින්න සහ ආහාර අහේනිය පැතිරී ගියේය.ජීවනෝපායට තර්ජන එල්ල වීය. රැකියා විරහිත බව , දිළිඳුකම සහ අසමානතා වැඩි කළේය. කියවන්න...

කොටස් වෙළෙඳපොළ වසා දමයි

මේ සතියේ ඉදිරි දින කිහිපයේ දී ද කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමට තීරණය කොට ඇත. ඒ අනුව මෙම සතිය ම කොටස් වෙළෙඳපොළ වසා  දමා තිබෙනු ඇත. කියවන්න...