Category: විශේෂාංග

අධිකරණ පරිපාලනය නම් මූලික කාර්යයෙහිදී රාජ්‍යය අසමත් වීම – මහාචාර්ය රොහාන් සමරජීව

අර්ථශාස්ත්‍ර 5:

නීතිය හා සාමය ඇතිකිරීමේදී රජයේ භූමිකාවට එරෙහිව කිසිදු දේශපාලන හෝ ආර්ථික න්‍යායාචාර්යවරයකු තර්ක නොකරන බව මින් පෙර තීරු ලිපියක මම පැවසීමි. ආන්තික නිදහස්වාදියකු පවා නීතිය හා සාමය පවත්වාගැනීමෙහිදී රජයට කාර්යයක් තිබෙන බව පිළිගන්නා බව මම පැවසුවෙමි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නීති පද්ධතියක් ඇති බව පෙනේ. විනිසුරුවරුන් පත්කරනු ලැබේ. උත්සවාකාර නඩු විභාගයන් පැවැත්වේ. නීතීඥවරු අධිකරණ පරිශ්‍රයන් තුළ කඩිසර ලෙස එහෙමෙහෙ යති. ඔවුන් ඉතා කාර්යබහුල හා සමෘද්ධිමත් බව පෙනේ. කියවන්න...

අර්ථශාස්ත්‍ර 2: රාජ්‍යය ප්‍රමුඛතාවය දියයුත්තේ කුමටද? – මහාචාර්ය රොහාන් සමරජීව

දේවල් කීපයක් හොඳින් කරන, පොදු ජනතාවට ස්ථාවරත්වය දෙන, අනෙක් අය වෙනුවෙන් ධනය හා රැකියා නිර්මාණය කරන අය බැහැර නොකරන රජයක් පිළිබඳ සමාරම්භක කොලමේ සඳහන් කළා. එය තමයි අප අරගල කළ යුතු අරමුණ. ශ්‍රී ලංකාවේ රජය විසින් හොඳින් කළ යුතුව තිබෙන දේවල් කීපය මොනවාද?

රජයේ මූලික කාර්යයන් පිළිබඳ එකඟත්වයක් නිර්මාණය කරගැනීම උදෙසා දේශපාලන සංවාදයක් ගොඩනගන්නට පහත දැක්වෙන නිර්ණායක ප්‍රයෝජනවත් වේවි. කියවන්න...

ශ්‍රී ලංකාවට සිංගප්පුරුවක් වෙන්න බැරි ඇයි ? – ‘බෙල්වෙදර්’ විග්‍රහයක් – ( පළමුවන කොටස )

1970 ගණන්වල සංවෘත ආර්ථිකය අවසන් කොට වෙළෙඳාම නිදහස් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ අභිලාශය වුයේ සිංගප්පුරුවේ තත්ත්වයට පත්වීම යි. කෙසේ වෙතත් , මුදලේ අගය බිඳවැටීමත්, එමගින් ඇති වූ කැළඹිලි සහ වැඩ වර්ජනත් , ජාතිවාදී දුම් වළලු තුළින් සිවිල් යුද්ධයක් වර්ධනය වීමත්, පසුව නැවතත් වෙළෙඳපොළ පාලනය ආරම්භවීමත් නිසා එය අසාර්ථක වීය.

නිදහසින් පසු ආර්ථික ක්‍රියාකාරීත්වය ,විනාශකාරී ආනයන සහ විනිමය පාලනයට ගැට ගැසී පැවති අතර අයවැය හිගය පාලනය කිරීමට මහ බැංකුව කළේ භාණ්ඩාගාර බිල්පත් මගින් මුදල් ලබාගැනීම යි. කියවන්න...

ජනපතිගේ සංදර්ශන නිසා හෝමාගම විදුලි දුම්රිය අහිමි වේද? – තරිඳු උඩුවරගෙදර

දිනකට කොළඹ නගරයට මගීහු මිලියන 19ක් පමණ ඇතුළු වෙති. ගාලු පාරේ පැමිණෙන මගීන්ගෙන් සීයට 35ක් දුම්රියෙන් ඇතුළුවෙති. මීගමුව මාර්ගයේ මගීන්ගෙන් සීයට 43ක් දුම්රිය මගින් ඇතුළුවෙති. නුවර පාරේ සීයට 39ක් දුම්රිය මගින් ඇතුළුවෙති. ඒ අනුව සැලකිය යුතු ප්‍රතිශතයක් දුම්රිය මගීහුය.

එහෙත් නුගේගොඩ, මහරගම, කොට්ටාව, පාදුක්ක හරහා අවිස්සාවේල්ල දක්වා දිවෙන කැලණිවැලි මාර්ගයේ දුම්රිය පාවිච්චි කරන්නේ සීයට 10ක් පමණි. දිනකට මගීහු 14,500ක් පමණක් එම මාර්ගයෙන් ඇතුළුවෙති. කියවන්න...