Category: සංවර්ධන පුවත්

මාස තුනට සංචාරක පැමිණීම ලක්ෂ හය ඉක්මවයි

2024 වසරේ ජනවාරි 1 දා සිට මාර්තු 27 දක්වා කාලය තුළ  ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 608,475 ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන් ම, මාර්තු 01 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් සංචාරකයින් 181,872 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කර ඇත. කියවන්න...

SME ව්‍යවසායකයින් ගොඩගන්න රු. බිලියන 20ක ව්‍යාපෘතියක්

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම

පවතින ආර්ථික පසුබෑමේ ප්‍රතිඵලයක් වශයෙන් සහ සිය පාලනයෙන් තොර බාහිර සාධකවල බලපෑම හේතුවෙන් නිෂ්පාදන, ආනයන, අපනයන, සංචාරක, ඇඟළුම් සහ වෙනත් විවිධ වාණිජ මෙහෙයුම් ආශ්‍රිත ව්‍යාපාරික කටයුතුවල යෙදෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සැලකිය යුතු පිරිසකට සිය ව්‍යවසායයන් තවදුරටත් පවත්වාගෙන යාම ඉතා දුෂ්කර වී ඇත. කියවන්න...

සීගිරිය/දඹුල්ල සහ ත්‍රිකුණාමලය සංචාරක කලාප සංවර්ධනයට බිලියනයක ආයෝජනයක්

සීගිරිය/දඹුල්ල සහ ත්‍රිකුණාමලය සංචාරක කලාප සංවර්ධනයට රුපියල් බිලියනයක ආයෝජනයකින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි

කොවිඩ් -19 වසංගතය සහ පසුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ඇණහිට තිබු  බව නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි. කියවන්න...

පෝට් සිටියට රෝහලක් – ආයෝජනය ඩොලර් මිලියන 100ක්

පෝට් සිටියට රෝහලක් - ආයෝජනය ඩොලර් මිලියන 100ක්

J

ආසිරි පෝට් සිටි හොස්පිටල් (පෞද්ගලික) සමාගම විසින් කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.  කියවන්න...

එස්ටෝනියාවේ සිට මත්තලට සෘජු ගුවන්ගමන් ඇරඹෙයි

එස්ටෝනියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු වරට සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් SkyUp ගුවන් සේවයට අයත් U5-9394 දරන ගුවන් යානය ඊයේ රාත්‍රී 11.50 ට පමණ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟාවිය.

මෙම ගුවන් යානයෙන් සංචාරකයින් 117 දෙනෙකු පැමිණි අතර ඔවුන් ඉතා උත්සවාකාරයෙන් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පිළිගනු ලැබීය. එම අවස්ථාවට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ද එක් වී සිටියේය. කියවන්න...

කිලිනොච්චි සූර්ය බලාගාරය: ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තියේ නවෝදයක්

solar power plant on water in Portugal

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.7 ක ඍජු විදේශ ආයෝජනයකින් බැටරි ගබඩාවක් සහිත සූර්ය බලාගාරයක් සඳහා බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමක් (PPA) අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. මෙගාවොට් 700ක ධාරිතාවක් සහිත මෙම බලාගාරය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මත ඉදිකෙරෙන අතර මෙගාවොට් පැය 1500ක බැටරි ගබඩා පද්ධතියකින් සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය මගින් රැකියා උත්පාදනය කිරීම සහ පරිසර සංරක්ෂණය අපේක්ෂා කෙරේ.

ධාරිතාව: මෙගාවොට් 700 (MW) සූර්ය බලශක්තිය කියවන්න...

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට ජපාන රජය සමග සාකච්ඡා

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පෙන්වා දෙයි. කියවන්න...

එක් ආරෝපණයකින් කි.මී. 300ක්. ලංකාවේ දී එකලස් වෙන ඉලෙක්ට්‍රික් බස් මෙන්න

ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් දේශීය වශයෙන් එකලස් කරනු ලබන ඉලෙක්ට්‍රික් බස් රථ එළඹෙන 2024 වසරේ මාර්තු මාසය වන විට ධාවනය සඳහා එක් කිරීමට සැලසුම් කර තිබේ.

මූලික අදියරේ දී බස් රථ 5 ක් මගී ප්‍රවාහනය සඳහා එක් කිරීමට නියමිත බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. කියවන්න...

අම්බුළුවාවට කේබල් කාර්. ගිවිසුම් අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් අත්දැකීම ලෙසින් සැලකෙන, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණ කේබල් කාර් ව්‍යාපෘතිය වෙනුවෙන් ගිවිසුමකට එළඹි බව ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

Amber Adventure සමාගම සමඟ අත්සන් තබා ඇති මෙම ගිවිසුම ඩොලර් මිලියන 4.5 ක ආයෝජනයකින් යුක්ත වේ. කියවන්න...

ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික විදුලි බලාගාරයක්

ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික විදුලි බලාගාරයක්

2032 වන විට මෙරටට අඛණ්ඩ විදුලි බල සැපයුමක් සඳහා පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ මෙරට න්‍යෂ්ටික බලශක්ති නීතිය සකස් කිරීම සඳහා දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයේ නිලධාරීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ය.  කියවන්න...