Category: සංවර්ධන පුවත්

සෘජු විදේශ ආයෝජන ඉහළ නංවන්න සන්නාම තානාපතිවරු 5ක්

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහල නංවමින් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය ඉහල නැංවීමට රටවල් 5ක් සදහා ආයෝජන සන්නාම තානාපතිවරු 5ක් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පත් කරයි.                                  

රටක ආයෝජනයක් කිරීමට පෙර ඕනෑම ආයෝජකයෙක් ඒ රටේ සාමාන්‍ය තත්ත්වය සොයා බලන බවත්, ශ්‍රී ලංකාව පිළිබඳව මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයේ පළවන පුවත් විශ්වාස කළහොත් එක ආයෝජකයෙකුවත් මෙරට දිහා බලන්නේ වත් නැතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. යම් රටක දේශපාලන ස්ථාවර භාවය, ශ්‍රම බලකාය, නීති හා අණපනත්, භූගෝලීය පිහිටීම වැනි කරුණු රාශියක් පිළිබද පුළුල් අධ්‍යයනයකින් පසුව තම ආයෝජනය පිළිබදව සිතන ආයෝජකයා තම ආයෝජනය සම්බන්ධයෙන් අවධානමක් ගැනීමටද  කිසි විටකත් නොසිතයි. කලාපයේ අනෙකුත් රටවල්ද ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමට විශාල තරගයක නිරත වන මෙවන් අවධියක මේ පිළිබදව වැඩි අවදානයක් යොමු කළ යුතු බව හෙතෙම  පවසයි. කියවන්න...

සිපෙට්කෝ පිරවුම්හල් 450ක් විකුණයි ; ලොව ප‍්‍රධාන තෙල් සමාගම් තුනක් ලංකාවට

ලොව ප්‍රධාන පෙළේ තෙල් සමාගම් තුනකට මෙරට ඉන්ධන පිරවුම්හල් 450ක් ලබාදීමේ කටයුතු සූදානම් වී තිබේ.

මෙරට රජය සතු ඉන්ධනහල් 1197න් 450ක් මෙසේ ලබාදීම සඳහා මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. කියවන්න...

අදානි සමුහයේ මන්නාරම, පුනරීන් සුළං බලාගාර වැඩ ඇරඹෙයි

ඉන්දියාවේ අදානි සමාගමේ ආයෝජනයෙන් ඉදිවන මන්නාරම සහ පුනරින් සුළං විදුලි බලාගාර සඳහා ආයෝජන ගිවිසුමට අද අත්සන් තැබීය. ශ්‍රී ලංකා ආයජන මණ්ඩලය සහ අදානි සමගම අතර එම ගිවිසුම අත්සන් කෙරිණි.

මන්නාරම සහ පුනරින් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිවල ඉදිකිරීම් ලබන වසරේ (2024) දෙසැම්බර් මස අවසන් කිරීමට නියමිත බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. කියවන්න...

රට ඉදන් එන කුරුල්ලන්ට මහනුවරින් නවාතැනක්

දෙස් විදෙස් ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ආයෝජන සඳහා කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට හැකි වන ලෙස ආර්ථික කොමිසමක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලංකාවට ආයෝජකයින් පැමිණි පසු ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා අනුමැතිය ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගතවීම ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එමගින් රටට ලැබීමට තිබෙන විශාල ආදායමක් අහිමිව යන බව ද කීය. කියවන්න...

මහනුවර නගරය පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය

මහනුවර නගරය පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය

විශේෂ සැලැස්මකට අනුව මහනුවර නගරය සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඵෙතිහාසික මහනුවර නගරය සංවර්ධිත නගරයක් බවට පත්කිරීමට ජනාධිතිපතිවරයා විසින් යෝජනාකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. කියවන්න...

ලංකාව මෝටර් රථයක් නිපදවයි

ශ්‍රී ලංකාවේ දී පළමු වරට එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය කොළඹ සිටි සෙන්ටර් හිදී අද (10) මුල් වරට වෙළෙඳපොලට හඳුන්වා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ අබාන්ස් ඔටෝ සමාගම සහ කොරියාවේ හුන්ඩායි මෝටර් සමාගම අතර සහයෝගීතාවයෙන් මෙම මෝටර් රථය සීදූව ප්‍රදේශයේ ස්ථාපිත නවීන තාක්ෂණයෙන් යුත් කර්මාන්තශාලාවක් තුළ එකලස් කිරීම සිදු කෙරේ.  කියවන්න...

ජපානයේ ආධාරයෙන් බෙරේ වැව පිරිසිදු කෙරෙයි

කොළඹ බේරේ වැව පිරිසිදු කොට අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් නොමිලේ කරදීමට ජපන් සමාගමක් රජයට එකඟතාවය පළ කර තිබේ.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ එම සමාගමේ නියෝජිතයන් අතර ඉකුත් සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් පසු අදාළ සමාගම මෙම එකඟතාවය පළ කර ඇත. කියවන්න...

අඹේවෙල පෞද්ගලිකකරණයේ ප්‍රගතිය ජනපති නිරීක්ෂණය කරයි

දිනක කිරි නිෂ්පාදනය ලීටර් 1500 සිට 40,000 දක්වා ඉහළට

2001 වසරේ දී  පෞද්ගලීකරණය කරන ලද අඹේවෙල ගොවිපලෙහි නිරීක්ෂණ සංචාරයක යෙදුනු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලීකරණයෙන් පසු ගොවිපොළ ලබාගෙන ඇති ප්‍රගතිය නිරීක්ෂණය කළේය.

මෙම කාලය තුල ගොවිපලේ කිරි නිෂ්පාදනය දිනකට ලීටර් 1500 සිට 40,000 දක්වා ඉහළ ගොස් ඇති බවත්, එළදෙනෙකුගෙන් දිනකට ලබාගන්නා කිරි ප්‍රමාණය ලීටර් 9 ක සිට ලීටර 30 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් , එහි දී හෙළිදරව් වී ය. කියවන්න...

ඉදිරි වසර තුනේ පුනර්ජනනීය බල ශක්තියෙන් මෙගාවොට් 2800 ක් විදුලි පද්ධතියට

පුනර්ජනනීය බල ශක්තියෙන් ඉදිරි වසර තුන තුළ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 2800 ක් ජනනය කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

කුඩා ජල විදුලි බලාගාර , සුළං සහ සුර් ය බල බලාගාර මගින් එම ධාරිතාවය පද්ධතියට එක් කිරීමට හියමිතය. කියවන්න...

තවත් සුපිරි මගී නෞකාවක් කොළඹට

“Silver Spirit“ අධිසුඛෝපභෝගී මගී නෞකාව අද (23) දින කොළඹ වරායට සේන්දු වී තිබේ.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමේ දී එහි සියලු සම්බන්ධීකරණ සහ සංවිධාන කටයුතු සිදුකරනු ලද්දේ මෙරට ප්‍රමුඛතම සංචාරක ගමනාන්ත කළමනාකරණ සමාගමක් වන Aitken Spence Travels විසිනි. කියවන්න...