Category: සංවර්ධන පුවත්

ලෝකාන්තය බලන්න කේබල් කාර්

ජනාධිපති උපදෙස් දෙයි

ලෝකාන්තය නැරඹීම සඳහා පට්ටිපොළ සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අද (22) පෙරවරුවේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා  නිලධාරීන්ට මෙම උපදෙස් දුන්නේය.

ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනයට – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සංචාරක අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය එක්ව මාස 4ක් තුළ අදාළ සංවර්ධන සැලැස්ම සකස් කර තමා වෙත භාර දෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. කියවන්න...

සැහැල්ලු දුම්රිය නැවත දෙන්න ජපානයේ කැමැත්ත

ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සුදානම්ව නවතා දැමුණු කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළ කර ඇත.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල එකඟතාවය ලද විගස නැවත එය ක්‍රියාත්මක කළ හැකි බව ජපන් තානාපති මිසුකොෂි හිදෙනකි මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවේ සඳහන් කර තිබේ. කියවන්න...

ශ්‍රී ලංකාව සංචාරක ආයෝජකයින්ට අක්වෙරළ දූපත් 60ක් පිරිනැමීමට සූදානම්: රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම

සංචාරක සංවර්ධනයට ජල විලා

ශ්‍රී ලංකාව ජල විලා ඉදිකිරීම සඳහා ආයෝජකයින්ට කල්පිටියෙන් දූපත් 60 ක් පිරිනැමීමට සැලසුම් කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය

“ජල විලා හදන්න අවශ්‍ය ආයෝජකයින් විශාල ප්‍රමාණයක් අපිට ඉන්නවා,” අමාත්‍ය අමුණුගම පාර්ලිමේන්තුවේදී පැවසීය.
කියවන්න...

කොළඹ වරාය ජා ඇළ දක්වා දිගු කරයි

කොළඹ වරාය ජාඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි දදෙවනුව කොළඹ නගරයේ අක්කර 30කට වැඩි ප්‍රමාණයක් වරාය සංවර්ධනය සඳහා වෙන් කර තිබෙන බවදජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පහසුවෙන් පරිවර්තනය කළ හැකි බවත් ඒ සඳහා දූරදර්ශී පියවර ගනිමින් සිටින බවද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. කියවන්න...

කොළඹ වරායේ නැගෙනහිර ර්පයන්තය ජපානයට – ජනාධිපති

කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය (ECT) ශ්‍රී ලංකාව ජපානයට පිරිනමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මගින් ඉන්දියාව සහ ජපානය සමඟ පැවති ECT ගනුදෙනුව හිටපු ජනාධිපතිගේ රජය අවලංගු කිරීමෙන් පසු ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමූහයට ලබා දී ඇත. කියවන්න...

ශ්‍රී ලංකාවට ඩිස්නිලන්තයක් ගෙන්න ඩයනා ඇමෙරිකාවට

දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය හම්බන්තොට ඉදිකිරීම සඳහා සාකච්ඡා කිරීමට සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය ලබන මාසයේ ඇමෙරිකාවේ සංචාරයක යෙදෙන බව ඇමැතිනියගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඩිස්නිලන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ඇමෙරිකාවේ වෝල්ට් ඩිස්නි සමාගම හමුවී මෙම ව්‍යාපෘතිය පිලිබඳ සාකච්චා ආරම්භ කිරීම ඇගේ ගමනේ අරමුණ වෙයි. වෝල්ට් ඩිස්නි සමාගමේ ආයෝජන සම්බන්ධතා පිලිබඳ ජෙෂ්ට උප සභාපති අලෙක්ෂා එස් කුඩ්රානි මහතාගේ ඇරයුමක් අනුව මෙම සංචාරය යොදාගෙන ඇත. කියවන්න...

තෙල් සංස්ථාවේ ඒකාධිකාරය අවසන් කිරීමේ පනත වැඩි ඡන්ද 60 කින් සම්මතයි

පක්ෂව 77 යි ; විපක්ෂව 17 යි ; සජබ , ජාජබ විරුද්ධ වෙයි

ඛනිජ තෙල් නිෂ්පාදනයේ සහ බෙදාහැරීමේ තෙල් සංස්ථා ඒකාධිකාරය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද , ඛනිජ තෙල්  නිෂ්පාදන (විශේෂ විධිවිධාන) ( සංශෝධන) පනත් කෙටුම්පත  වැඩි ඡන්ද 60 කින් පාර් ලිමේන්තුවේදී අද (18) පස්වරුවේ සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 77ක්  ලැබුණු අතර  ඊට  විපක්ෂව ලැබුණේ ඡන්ද දාහතක් පමණි. කියවන්න...

මාසික ආදායම ලක්ෂ දෙකක් නම් 10,500 ක් බදු ; ලක්ෂ 10 කට 286,500 යි

ලක්ෂය දක්වා බදු නැහැ

රජය ගැසට් කළ නව බදු පනත අනුව ලක්ෂ දෙකක වැටුප් ලබන්නෙකු ගෙවිය යුතු බදු මුදල රුපියල් 10,500 ක් වන අතර එය මාසික ආදායම ලක්ෂ 10 ක් වන විට රුපියල් 286,500 ක් දක්වා වැඩි වන බවට ගණන් බලා ඇත.

එම ගණන් බැලීම් අනුව මසකට ලක්ෂ තුනක් උපයන අයෙක් ගෙවිය යුතු බදු මුදල රුපියල් 35,000 කි . ලක්ෂ 4 කට 70,500 ක් , 5කට 106,500 ක් ,6කට 142,500 ක්, 7 කට 178,500 ක් 8 කට 214,500 ක් 9 කට 250,500 ක් ලෙස එය වැඩි වෙයි.

මධ්‍යම අධිවේගයේ මිරිගම – කුරුණෑගල කොටස ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් අද 15 පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

මීරිගම සිට කුරුණෑගල දක්වා වූ මෙම මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් තිස් දෙකක් වන අතර ඒ සඳහා වන ගමන් කාලය විනාඩි 25 ක් ලෙස ගණන් බලා ඇත. කියවන්න...