Category: සංවර්ධන පුවත්

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල කොටස 15 සිට ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර ජනවාරි 15 වනදා ජනතා අයිතියට පැවරීමට නියමිත ය.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි. කියවන්න...

INSEE සමාගමේ රුහුණු කර්මාන්ත ශාලාවේ සිමෙන්ති ඇඹරුම් ධාරිතාව ටොන් මිලියනයකින් වැඩි කිරීමට පියවර

ඉහළ යන සිමෙන්ති ඉල්ලුම සපුරාලීමේ සහ වේගයෙන් පුළුල් වන INSEE නිෂ්පාදන එකතුව ශක්තිමත් කිරීමේ උත්සාහයක ප්‍රතිඵලයක්

ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම, ගාල්ලේ පිහිටි රුහුණු සිමෙන්ට් වර්ක්ස් (Ruhunu Cement Works – RCW)  කර්මාන්ත ශාලාවේ වාර්ෂික ඇඹරුම් ධාරිතාව ටොන් මිලියනකින් ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ. දේශීය සිමෙන්ති නිෂ්පාදනය වැඩි කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වීම සහ වඩාත් තිරසාර ඉදිකිරීම් නිෂ්පාදන මෙරටට හඳුන්වා දීම ඉලක්ක කරගෙන මෙම පියවර ගෙන ඇත. මෙම ආයෝජනය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමි වූ අතර, සියම් සිටි සිමෙන්ට් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී Aidan Lynam මහතා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී එය නිල වශයෙන් නිවේදනය කරන ලදි. එමෙන්ම ඒ මහතා ගාල්ල කර්මාන්ත ශාලාවේ සංචාරයකද නිරත විය. කියවන්න...

මීරිගම – කුරුණෑගල අධිවේග මාර්ගය 28 දා ජනතා අයිතියට

කොළඹ – මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ලබන 28 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. කියවන්න...

හම්බන්තොටට බස්-වෑන් එකලස් කිරීමේ කම්හලක්

බස් රථ සහ වෑන් රථ දේශීයව එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් හම්බන්තොට කාර්මික උද්‍යානයේ ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට චීනයේ ෂියාමන් කිං ලොන්ග් සමාගම සහ හම්බන්තොට අන්තර්ජාතික වරාය සමූහය පසුගිය සතියේ එළැඹිණි.

බස් රථ සහ වෑන් රථ නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛයකු වන ෂියාමන් කිං ලොන්ග් සමාගම 1988 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර, රටවල් 140කට අධික සංඛ්‍යාවකට සිය නිෂ්පාදන අලෙවි කරයි. කියවන්න...

කුඩා ව්‍යාපාර දියුණු කරන්න ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 150 ක ආධාර

ඇමෙරිකා එක්සත් ජනපද රජයේ සංවර්ධන මූල්‍ය ආයතනය වන ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව මගින් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාරයක් ලබා දුන් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකාවේ තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපර අංශයට රුකුල් දීම , පෞද්ගලික අංශයේ ආයෝජන ශක්තිමත් කිරීම සහ කාන්තා ව්‍යවසායකයින්ට සහාය දීමේ අරමුණෙන් මෙම මූල්‍යාධාර ලබා දෙන බවද ඇමෙරිකා තානාපති කාර්යාලය වැඩි දුරටත් කියයි. කියවන්න...

අතුරුගිරිය – කැලණිය නව ගුවන් මාර්ගය සහ ගුවන් පාලම් 5ක ඉදිකිරීම් අගමැති අතින් ඇරඹේ

චීනයේ හාබර්  ඉංජිනියරින් සමාගම විසින් ඉදිකොට පවත්වාගෙන ගොස් භාරදීමේ පදනමින් ඉදිකරනු ලබන, නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණුමත දිවෙන අධිවේග මාර්ගයේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කරනු ලැබී ය.

එම මාර්ගය මංතීරු 4කින් සමන්විත වේ. ඉදිකිරීමෙන් පසු වසර 18 ක් එය චයිනා හබර ඉංජිනියරින් සමගම යටතේ පවතිනු ඇත. ඉන් පසු එහි අයිතිය ශ්‍රී ලංකාවට හිමි වෙයි. කියවන්න...

කොළඹ වරාය බටහිර ජැටියේ ගිවිසුමට අත්සන් ; අදානිට 51%, ජෝන් කීල්ස්ට 35%, වරය අධිකාරියට 15%

කොළඹ දකුණු වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධනයේ සියයට 51 කොටස් ඉන්දියාවේ අදානි සමාගමට හිමිවන ලෙස අවබෝධතා ගිවිසුමකට රජය අත්සන් තබා ඇති බව වාර්තා වෙයි. එම ගිවිසුම අනුව ජැටිය සංවර්ධනයෙන් සියයට 35 කොටස් ජෝන් කීල්ස් සමාගමට හිමිවන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 15 ක් කොටස් හිමිවනු ඇත.

මෙහි දී ජෝන් කීල්ස් සමගම ක්‍රියා කරන්නේ අදානි සමාගමේ දේශීය නියෝජිතයා වශයෙනි. කියවන්න...

අතුරුගිරිය – කැළණි පාලම ගුවන් මාර්ගය ඉදිකිරීම සහ අයිතිය චීන සමාගමකට

අතුරුගිරිය සිට කොළඹ කැළණි පාලම දක්වා කණු මත දිවෙන ගුවන් පාලම ඉදිකිරීම චීනයේ චයිනා හාබර් ඉංජිනියරින් සමගමට  ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මෙය ඉදිකොට මෙහෙයුම් කොට පැවරීමේ හෙවත් බොට් (BOT) ක්‍රමය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත. කියවන්න...

රුවන්පුර අධිවේගයේ වැඩ ඇරඹෙයි

මෙරට යෝජිත අධිවේගී මාර්ග පද්ධතියේ හත්වැන්න ලෙස සැලකෙන රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ ආරම්භ කරනු ලැබීය.

මෙම අධිවේගී මගේ පළමු පියවර ලෙස සැලකෙන කහතුඩුව සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩ කටයුතු ආරම්භ කරමින් සමරු පාලකය  විවෘත කිරීම  අගමැතිවරයා අතින් අරලියගහ මැදුරේ සිට සිදුකරන ලද්දේ අන්තර් ජාල තාක්ෂණය උපයෝගී කර ගනිමිනි. කියවන්න...

අවලංගු කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වෙන පාරවල් තුනකින් එයි !

ජපානයෙන් වසර හතළිහකින් ගෙවීමට ලබාදෙන  සහන ණය  යටතේ ඉදි කිරීමට සැලසුම් කොට තිබී මෙම රජය විසින් හදිසියේ  අවලංගු කළ මාලඹේ කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වෙනුවට වෙනත් මාවත් තුනක් ඔස්සේ සැහැල්ලු දුම්රිය මාර්ග ඉදිකිරීමට මුදල් අමාත්‍යාංශයශය සහ නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කොට තිබේ .

මෙලෙස ඉදිකරන සැහැල්ලු දුම්රිය මාර්ග තුන වන්නේ රාගම සිට කොළඹ කොටුව හරහා කිරුලපොන  මාර්ගය, කැලණිය නාරාහේන්පිට මොරටුව පිළියන්දල මාර්ගය සහ කොට්ටාව පන්නිපිටිය තලවතුගොඩ හරහා හුණුපිටිය මාර්ගය යි. කියවන්න...