ස්වභාවික වායු ( LNG) පළමු බලාගාරය කෙරවලපිටියේ ඉදිවෙයි

මෙරට ඉදි වන ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික වායු (LNG) විදුලි බලාගාරය සඳහා මුල්ගල තැබීම අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් පෙරේදා (05) සිදුකරනු ලැබී ය .
කෙරවලපිටියේ මෙම විදුලි බලාගාරය ඉදි කරනු ලබන්නේ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනය විසිනි. ඒකාබද්ධ චක්‍ර බලාගාරයක් ලෙස මෙය ඉදි කිරීමට සැලසුම් කොට ඇත.