Category: සංවර්ධන පුවත්

ඩොලර් මිලියන 191 ක ඉන්දීය ව්‍යාපෘති දෙකක් කඩිනම් කෙරෙයි

ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් මිලියන 191 ක  ආධාර මත ඉදිවන  ප්‍රධාන ව්‍යාපෘති දෙකක් කඩිනම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය නවීකරණය සඳහා වන ඩොලර් මිලියන 91 ක ව්‍යාපෘතිය සහ ග්‍රාමීය පළාත්වල රජයේ ආයතන සහ අඩු ආදායම් ලාබී නිවාස සඳහා සුර්ය බල විදුලිය ලබාදීම සඳහා වන ඩොලර්  මිලියන 100 ක ව්‍යාපෘතියට අවශ්‍ය පහසුකම් සැපයීමට කැබිනට් මණ්ඩලය පසුගිය 10 දා තීරණය කළේ ය. කියවන්න...

ලබන මස සිට බස් ගාස්තු ගෙවන්න පෙර ගෙවුම් කාඩ් පතක්

බස් රථවල ගමන් කරන විට මුදල් ගෙවා ටිකට් පත් ලබාගැනීම වෙනුවට පෙරගෙවුම් කාඩ් පතකින් ගෙවීම් කිරීමේ පහසුව ලබන මස අග සිට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි .

මෙම වැඩ පිළිවෙල වහාම ක්‍රියාත්මක කරන ලෙස ඇමතිවරයා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. කියවන්න...

විදෙස් සංචාරකයන්ට ගුවන්තොටුපොළ හෝටල් අගෝස්තු 1 දා සිට ඇරේ !

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා  ගුවන්තොටුපොළ විවෘත කිරීම අගෝස්තු 1දා සිදුකිරීමට රජය තීරණය කොට ඇති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි.සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි  හෝටල් සහ ආපන ශාලා විවෘත කිරීමට ද එදින සිට අවසර ලබාදෙන බව නිවේදනය කොට ඇත.

සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි නොකළ නවාතැන් පොළවල් හා ආපන ශාලා සඳහා අවසර ලබාදීම පසු අවස්ථාවක සිදු කරන බව කියති. කියවන්න...

සහන ඉල්ලීමේ කාලය මැයි 15 දක්වා දීර්ඝ කරයි

‘කොවිඩ්-19’ ව්‍යවසනයෙන් බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන්ට සහන ලබාගැනීම සඳහා අයඳුම්පත් යොමු කිරීමට ලබා දී තිබූ කාලසීමාව ලබන 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

කොරෝනා වයිරසයෙන් ඇති වී තිබෙන බලපෑම හේතුවෙන් මූල්‍ය ආයතනවල ඇතැම් ගනුදෙනුකරුවන්ගේ මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ගනුදෙනුකරුවන්ට ණය සහ  4%ක වාර්ෂික පොලී අනුපාතය යටතේ මාස දෙකක කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබා දී තිබිණි.

එහි අවසාන දිනය අප්‍රේල් මස 30 ලබා දී තිබිණි. එය මැයි මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

අප්‍රේල් 28 වැනිදා නිකුත් කරන ලද 2020 අංක 06 දරණ චක්‍රලේඛය මඟින් අදාළ කාලසීමාව දීර්ඝ කර ඇත. 

සීමා මායිම් ඇතිව මැයි 11 දා සිට ජන ජීවිතය යථා තත්වයට

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11, සඳුදා ඇරඹෙන බව රජය කියයි.

මේ දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුය. සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබේ. ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේදී කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ මුළුමනින්ම පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතු බවද රජය දැනුම් දෙයි. කියවන්න...

ඩොලර් ට්‍රිලියන 2ක (2,000,000,000,000.00) කොරෝනා සහන පැකේජයට ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩල අනුමැතිය

කොරෝනා වසංගතය නිසා පසුබෑමට ලක්ව ඇති ඇමෙරිකානු ආර්ථිකය ගලවාගැනීම සදහා වන ඩොලර් ට්‍රිලියන 2ක සහන පැකේජයට ඊයේ ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමි වීය. මෙය ඇමෙරිකානු ඉතිහාසයේ මෙන් ම ලෝක ඉතිහාසයේද විශාලතම සහන පැකේජය යි .

කොරෝනා නිසා පසුබෑමට ලක්ව ඇති ව්‍යාපාර සදහා සහනාධාර පිරිනැමීම මෙන් ම වසරකට ඩොලර් 75,000 කට වඩා අඩු ආදායම් ලබන සියලු දෙනාට ඩොලර් 1,200ක දෙමනාවක් ලබාදීම ද මෙම සහන පැකේජයට ඇතුලත් ය. කියවන්න...