උද්ධමනය තවත් පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය සියයට 49.2ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය පෙබරවාරී මාසයේ උද්ධමනය සියයට 53.6ක් ලෙස දැක්වුණි.
ආර්ථීකය සරලව
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය සියයට 49.2ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය පෙබරවාරී මාසයේ උද්ධමනය සියයට 53.6ක් ලෙස දැක්වුණි.
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (18) පැවසීය.
ඒ අනුව මැයි මස අවසන් වන විට නව විදුලිබල පනත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කීවේය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහන සමග ඩොලර් බිලියන තුනක ඔවුන්ගේ ණය මුදල සමග ඩොලර් බිලියන 12.7 ක සම්පුර්ණ මුදලක් සපයා දීමේ සහතිකයක් ලබා දී ඇති බව හිටපු ඇමති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
මුල්‍ය අරමුදලේ ණය සමග ඩොලර් බිලියන 1.5 ක් ලෝක බැංකුවෙන් සැබෑ බිලියන 2.2 ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ද ලෙස බිලියන 3.7 ක් ලබා දීමට සහතික වී ඇත. ඒ අනුව මුල්‍ය අරමුදලින්, ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදෙන සම්පුර්ණ මුදල ඩොලර් බිලියන 6.7 කි.
‘Economic Dialogue’: IMF and Beyond පිළිබඳ වරලත් ගණකාධිකාරීන්ගේ සංසදයට අයත් ප‍්‍රධාන පාර්ශවකරුවන්ගෙන් සමන්විත මණ්ඩලයක සාමාජිකයෙකු ලෙස ශ‍්‍රී ලංකාවේ අපනයන මූලික කරගත් ආර්ථිකයක් පවත්වාගෙන යාමට වෙළඳපල තරඟකාරිත්වයක් සඳහා දිරිමත් කරන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කම ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ (JAAF) සභාපති ශරඞ් අමලියන් මහතා අවධාරණය කළේය.
ආර්ථික අර්බුදයන් සහ කොවිඞ් වසංගතය මධ්‍යයේ වුවද දැඩි අසීරුකම් මැද ඇඟලූම් කර්මාන්තයේ මෙහෙයුම් අඛණ්ඩව කරගෙන යාමට ශ්‍රී ලංකාවට තිබූ හැකියාව හේතුවෙන් ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගේ විශ්වාසය එලෙසම පවත්වා ගෙන යාමට ක්ෂේත‍්‍රයට හැකි වූ බව අමලියන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය. කොවිඞ් වසංගතය අතරතුර ඇඟලූම් කර්මාන්තය ‘‘අත්‍යවශ්‍ය සේවාවක්” ලෙස නම් කිරීමට රජය ලබා දුන් සහයෝගය විශ්වාසය ඇති කරවන පසුබිමක් නිර්මාණය කිරීමට තීරණාත්මක ලෙස බලපෑ බව ඔහු පැවසුවේය.
මහජන බැංකුවේ පවතින ගිණුම් වහාම වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව රජයේ සියලුම සංස්ථා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යංශය වෙත දැනුම් දී තිබේ.
මීට අමතරව පෞද්ගලික ව්‍යාපාරිකයන් රැසක් ද මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත වාචිකව දැනුම් දී ඇත්තේ කණගාටුවෙන් වුවද සිය ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර ගැනීමට සිදුවනු ඇති බවයි.
2022 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට සෘණ 7.8ක අගයක් ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඇස්තමේන්තු ගත කර තිබේ.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 2022 වසරේ සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණ සියයට 12.4 ක අගයක් වාර්තා කර ඇති බවය.
බැංකු පොලී අනුපාත විශාල ලෙස අඩු වී ඇති බව Daily Mirror වාර්තාවක් මගින් පෙන්වා දෙයි.
බැංකු පොලී සියල්ල තීරණය වන ප්‍රධාන පොලී අනුපාතිකය පසුගිය සතියේ පදනම් අංක 71 කින් සහ ඊට පෙර සතියේ පදනම් අංක 76 කින් අඩු වී මේ වන විට සටහන් වන්නේ සියයට 22.74 ක් වශයෙනි.
රාජ්‍ය මුල්‍ය කළමනාකරණයේ දී , සහ රාජ්‍ය අංශයේ ගනුදෙනුවල දී, දුෂණය පිටු දැකීමට ශක්තිමත් නව පනතක් ඉදිරිපති කිරීමට රජය සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි.
රටේ දුෂණ විරෝධී නීති ශක්තිමත් කිරීම සහ දුෂණයට එරෙහිව පියවර ගැනීම වේගවත් කිරීම නව පනතේ අරමුණ වී තිබේ.
අද (08) දිනයේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 310 ක් දක්වා ත් විකුණුම් මිල රු. 325 ක් දක්වා ත් පහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකි විය.
ඊයේ (07) දින සිට බලපැවැත්වෙන පරිදි මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා තිබුණු නියමයන් කිහිපයක් ඉවත් කරනු ලැබූ අතර ඒ අනුව වානිජ බැංකුවල විවිධ මිල පරාසයන්වලට ඩොලරයේ මිල නියම වී තිබෙනු දැකිය හැකිය.
2023 පෙබරවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,217ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
මෙය 2023 ජනවාරි මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 2,121 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 4.5%ක වර්ධනයකි.